ජනවාරි මාසයේ දී උද්ධමනය සියයට 6.4ක් දක්වා ඉහළට (වීඩියෝ)

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී සියයට 2.9ක් වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ජනවාරි මාසයේදී සියයට 6.4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කළේ, මෙම ඉහළ යෑම තම පුරෝකතනයට බොහෝ දුරට අනුකූල බවයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස අනුව දෙසැම්බර් මාසයේ දී සියයට 0.3ක පැවති ආහාර උද්ධමනය ජනවාරි මාසයේ දී සියයට 3.3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර නොවන උද්ධමනය සියයට 7.9ක් දක්වා ජනවාරි මාසයේ දී ඉහළ ගියා.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ එම අගය පැවතියේ සියයට 5.8ක් ලෙසයි.

ප්‍රධාන වශයෙන් 2024 වසර ආරම්භයේ ක්‍රියාත්මක කළ බදු සංශෝධන සහ අයහපත් කාලගුණයෙන් ආහාර සැපයුමට බාධා ඇතිවීම උද්ධමනය ඉහළ යෑමට හේතු වී ඇතැයි මහබැංකුව පවසනවා.

කෙසේ වෙතත් මැදිකාලීනව උද්ධමනය සියයට 5ක ඉලක්කගත මට්ටමේ ස්ථායී වනු ඇති බව මහබැංකුවේ අපේක්ෂාවයි.

පසුගිය වසර තුළ වෙළෙඳ ගිණුමේ සමස්ත හිඟය 2022 වසරේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 5,185ක සිට ඩොලර් මිලියන 4900ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

එය 2010 වසරෙන් පසු වාර්තා වූ අඩුම වෙළෙඳ හිඟයයි.

කෙසේ වෙතත් වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2022 වසරට සාපේක්ෂව සියයට 9.1කින් පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ප්‍රධාන වශයෙන් ඇඟලුම් අපනයන පහළ යෑම ඊට හේතුවයි.

නමුත් නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ දී ඇගලුම් අපනයනවල සැලකිව යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව මහබැංකු සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

පසුගිය වසර අවසන් වන විට දල නිල සංචිත ඇමෙරිකානු ඩොලර් 4.4ක් දක්වා ඉහළ ගියා.

දළ නිල සංචිතවල ආනයන ආවරණය 2012 වසරේ අප්‍රේල් මාසයෙන් පසු පළමුවරට ආනයනික මාස 3ක සීමාවද අභිබවා ඉහළ ගොස් තිබෙනවා.

මේ වසරේ ජනවාරි මාසය තුළ ද දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව, ජනවාරි පළමු දින සිට 30 වන දින දක්වා කාලය තුළ දිවයිනට සංචාරකයින් 201,687 දෙනෙකු පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළා.

පසුගිය වසරේ දෙසැම්බර් මාසය තුළ ද දිවයිනට සංචාරකයින් 210,352 දෙදෙනෙක් පැමිණ තිබුණා.

2023 වසරේ සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,068ක් ලෙස වාර්තා වූ අතර එය 2022 වසරට සාපේක්ෂව සියයට 82ක ඉහළ යෑමක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?