ජනවාරි පළමුවනදා සිදුවූ නවගමුව වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් අල්ලයි

නවගමුව පොලිස් වසමේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකුට වෙඩි තබා එක් පුද්ගලයෙකු ඝාතනය කර අනෙක් පුද්ගලයින් දෙදෙනාට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණා.

මෙම වෙඩි තැබීම සිදුව තිබුනේ පසුගිය ජනවාරි පළමුවනදා අලුයම් කාලයේදීයි.

බියගම පොලිස් වසමේ පේරගස්හන්දිය ප්‍රදේශයේ දී විමර්ශන නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඊයේ (16) දින සවස් කාලයේ මෙම අපරාධය සැලසුම් කිරීම හා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 24 ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්‌.

විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් අපරාධය මෙහෙයවා ඇති බවයි විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.

හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?