AFC Banner
Empty Ad
Empty Ad

ජනරජ පෙරහැර.. (ඡායාරූප)

වසර 35කට පසුව ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව පවත්වන ලද ජනරජ පෙරහැර ඊයේ (19) රාත්‍රී මහනුවර නගරයේ දී වීථි සංචාරය කළේය.

අභිමානවත් 75වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ”විශේෂ ජනරජ පෙරහැරක්” මහනුවර ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කරගනිමින් පවත්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා උපදෙස් දී තිබුණා

”ජනරජ පෙරහැර” යනු රටේ සුවිශේෂි සිදුවීමක් වන අවස්ථාවකදී රාජ්‍ය නායකයාගේ ඉල්ලීම මත දළදා පෙරහැරට අමතරව පවත්වන විශේෂ පෙරහැරකි. ජනරජ පෙරහැරදී ඇතා පිට දළදා කරඬුව වෙනුවට ජනරජ ලාංජනය රැගෙන යාම මෙහි විශේෂත්වයයි.

ශ්‍රී ලංකාවේ මේ දක්වා ජනරජ පෙරහැර 4ක් පවත්වා තිබෙනවා.

වේල්ස්යේ ආදිපාද එඩ්වඩ් කුමරු ලංකාවට පැමිණීම සනිටුහන් කරමින් 1875 වසරේදී පළමු ජනරජ පෙරහැර පවත්වා ඇති අතර, 1954 දී දෙවන ජනරජ පෙරහැර පවත්වා ඇත්තේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ සපැමිණීම වෙනුවෙනි.

වික්ටෝරියා ජලාශ්‍රය විවෘත කිරීම සඳහා දෙවැනි එළිසබෙත් මහ රැජින දෙවන වරටත් ලංකාවට පැමිණීමේ අවස්ථාව සනිටුහන් කරමින් 1981 දී තුන්වන ජනරජ පෙරහැර පවත්වා තිබූ අතර 1987 දෙසැම්බර් 31 දින සිව් වන ජනරජ පෙරහැර පවත්වා ඇත්තේ මහනුවර දළදා මාලිගාවේ රන් වියන විවෘත කිරීම වෙනුවෙනි.

ඒ අනුව, වසර 35කට පසු පස් වැනි ජනරජ පෙරහැර ඊයේ වීථි සංචාරය කෙරෙන්නේ 75 වැනි නිදහස් සැමරුමට සමගාමීව මෙරට සංචාරක කර්මාන්තයට විදේශිකයින්ගේ අවධානය යොමු කරගැනීමේ අරමුණින්ය.

ඊයේ පස්වරු 6.30ට මහනුවර මඟුල් මඩුව භූමියෙන් ආරම්භ වූ පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්ද වීදිය ඔස්සේ පැමිණ රජ වීදියට පිවිස, නැවත මාළිගාවට ගෙවදීමෙන් පෙරහැරේ කටයුතු අවසන් වුණි.

අලි ඇතුන් සහ දළදා මාළිගාවේ මෙන්ම සතර මහ දේවාලවල නර්තන කණ්ඩායම් ඇතුළු සියලු පෙරහැර සංස්කෘතිකාංගවලින් ජනරජ පෙරහැර විචිත්‍රවත්ව තිබුණි.

පෙරහැර නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ , අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන්, තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඊළඟ මාලිමා ආණ්ඩුවේ අගමැති විජිත හේරත් හෙළි කරයි
04:03
Video thumbnail
තංගල්ල හොල්ලපු මාලිමා රැළියේ ඩ්‍රෝන කැමරාවේ වීඩියෝ මෙන්න
03:02
Video thumbnail
වේදිකාව උඩ ගලවපු පුෂ්පිකාගේ කිරුළ උසාවි නියෝගයකින් යළි පුෂ්පිකාටම
02:53
Video thumbnail
පරිප්පු බද්ද වැඩි කළේ සත 25කින් - කඩේ එවුන් රුපියල් 20කින් පරිප්පු වැඩි කරලා
11:35
Video thumbnail
හිටපු ජනපති ඉල්ලපු දේවල් දැකලා අනුර ජනපතිට හොඳටම තදවෙයි
06:07
Video thumbnail
මාස තුනෙන් අපි වැටෙනවාලු - පව් අප්පා ජනපති කියයි
05:31
Video thumbnail
අනුර ජනපති වෙලා රැළියක අමතපු පළවෙනි සැරේම කරපු සැර කතාව
32:20
Video thumbnail
මාලිමාවේ වැඩකාරයා ටිල්වින් වේදිකාව හොල්ලයි
11:31
Video thumbnail
මාලිමාවේ පළමු රැළිය උණුසුම් කරපු ජනප්‍රිය නිළිගේ කතාව මෙන්න
09:00
Video thumbnail
මාලිමාවේ තංගල්ලේ රැස්වීමට අනුර ජනපති හදිසියේ එයි
02:47

?