සිව්වන දිනය අවසන් කරන්න විනිසුරු ගත් තීරණයට රෝහිත් සහ කෝලි නොසතුටින්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දින වූ අද (19) දිනය අයපත් ආලෝක තත්ත්වය හේතුවෙන් නියමිත වේලාවට පෙර අවසන් කරන්නට විනිසුරුවරුන් කටයුතු කළා.

විනිසුරුවරුන්ගේ මෙම තීරණය පිළිබඳව ඉන්දීය නායක රෝහිත් ශර්මා සහ විරාට් කෝලි එතරම් ප්‍රසාදයක් පළකර සිටියේ නැහැ.

තරගය සිව්වන දිනට නතර කරන විට නවසීලන්ත දෙවන ඉනිමේ ක්‍රියාත්මක කර තිබුණේ පන්දු 04ක් පමණයි.

එහිදී නවසීලන්ත ආරම්භ පිතිකරුවන් යුගළය ලකුණු නොලබා කඩුල්ලේ රැඳී සිටියා.

තරගයේ අවසන් දිනය වන හෙට (20) දිනයේ දී තරගය ජයගැනීමට නවසීලන්තයට කඩුලු 10ක් ඇතැතිව ලකුණු 107ක් ලබාගත යුතු වනවා.

මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව සියලු දෙනා ලකුණු 46කට දැවී ගිය අතර, ඊට පිළිතුරු වශයෙන් නවසීලන්තය සිය පළමු ඉනිමට ලකුණු 402ක් රැස් කළා.

අනතුරුව ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටන ඇරඹු ඉන්දියාව සිය දෙවන ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 462ක් රැස්කරමින් නවසීලන්තයට ලකුණු 107ක ඉලක්කයක් ලබා දුන්නා.

  1. This may be India’s worst ever loss in their home soil. New Zealand are deserved to win this test after their heroic bowling in the first innings after lost the entire first day due to rain washed out.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00