පැතුම්ට පළමු එක්දින තරගය අහිමිවීමේ අවදානමක්

පසුගියදා පැවැති විස්සයි විස්ස තරගාවලියේ දී ආබාධයකට ලක්ව ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් කොදෙව්වන් සමඟ හෙට (20) ආරම්භවන පළමු එක්දින තරගයෙන් ඔහු විවේක ගන්වනු ඇති අපේක්ෂා කෙරෙනවා.

ඒ, අනුව හෙට තරගයේ දී අවිශ්ක ප්‍රනාන්දු සමඟින් කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කිරීමට වැඩි අවස්ථාවක් ඇති අතර, අංක තුන ස්ථානයේ කමිඳු මෙන්ඩිස් ක්‍රීඩා කරනු ඇතැයි වාර්තා වනවා.

මේ අතර ආබාධයක් හේතුවෙන් ඉන්දියාව සමඟ පැවති තරගාවලිය අහිමි වූ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ද හෙට ආරම්භ වන එක්දින තරගාවලියේ දී ක්‍රීඩා කරනු ඇති.

එමෙන්ම ජෙෆ්රි වැන්ඩර්සේ සහ දුනිත් වෙල්ලාලගේ සමඟින් දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සමඟ ශ්‍රී ලංකාව හෙට තරගය සඳහා පිවිසීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22