හතුරුසිංහගේ සේවය අත්හිටුවීමට තීරණය කෙරේ

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහගේ සේවය වහාම අත්හිටුවීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වනවා.

විනය හේතුමත ඔහුගේ සේවය මෙලෙස අත්හිටුවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

හතුරුසිංහගේ සේවය පැය 48කට අත්හිටුවා ඇති අතර, වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ සේවය නිම කිරීමට ද කටයුතු කරන බවයි විදේස් වාර්තා සඳහන් කළේ.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් පුහුණුකරුවෙක් වන ෆිල් සිමන්ස් 2025 චැම්පියන්ස් කුසලානය දක්වා බංග්ලාදේශ පිළේ අන්තර්කාලීනව ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ ගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.

පසුගිය පෙබරවාරි මාසයේ දී හතුරුසිංහ බංග්ලාදේශයේ ප්‍රධාන පුහුණුකරු ලෙස දෙවැනි වරටත් පත්කර ගත අතර, එම පත් කිරීම සම්බන්ධයෙන් වත්මන් බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ.

හතුරුසිංහ යටතේ, පසුගිය වසරේ එක්දින ලෝක කුසලාන සහ විස්සයි විස්ස ලෝක කුසලානයට පැමිණි බංග්ලාදේශය එම තරඟාවලි දෙකේ දී එතරම් දක්ෂතා දැක්වීමට සමත් වූයේ නැහැ.

ඔහුගේ කාල සීමාව තුළ ඔහුගේ හොඳම ජයග්‍රහණය වූයේ මේ වසරේ පාකිස්තානයට එරෙහිව බංග්ලාදේශය ලැබූ ඉතිහාස ගත ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණය පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30