ජනප්‍රිය නිළිය පාතාල නායකයෙකු සමඟ පෙම්වතුන් ලෙස සිටි රහස්‍ය ඡායාරූප ලීක්වෙයි

ශ්‍රී ලාංකික සම්භවය ඇති බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් ඉන්දියාවේ මුදල් විශුද්ධිකරණ නඩුවක බරපතල සැකකාරියක බවට ඊයේ (5) පත්වූ අතර ඇයට රටින් පිටවයාමද අධිකරණය මගින් තහනම් කරන ලදි.

දිල්ලියේ තිහාර් බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවෙකු වන පාතාල නායක සුකේෂ් චන්ද්‍රසේකර් විසින් රුපියල් කෝටි 200 ක කප්පම් ගැනීමේ නඩුවකට අදාළව ජැක්ලින් පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී ප්‍රශ්න කිරීමට ලක්වූ අතර ඇය ඒ සෑම අවස්ථාවකම සුකේෂ් හා තමා අතර විශේෂ ගනුදෙනුවක් සිදුනොවූ බවටත් ඔහුව හරිහැටි අඳුනන්නේ නැති බවත් දන්වා තිබුණි.

නමුත් මෙම නඩුවේ ඇය බොරු සාක්ෂි ලබාදී ඇති බවට අද හෙළිව ඇත්තේ ඔහුත් ඇයත් කාලයක් පෙම්වතුන්ව සිටි බවටත් තෑගි බෝග හුවමාරු කරගෙන ඇති බවටත් මුල්‍ය වංචා බලාත්මක අධ්‍යක්ෂ මණ්ඩලය සාක්ෂි සහිතව කරුණු අධිකරණයට ඉදිරිපත්කළ නිසාය.

බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ප්‍රසංගයකට සහභාගි වීමට විදේශගත වීමට සූදානමින් සිටි මුත් අධිකරණ නියෝගය නිසා ඉරිදා සවස මුම්බායි ගුවන් තොටුපළේදී ඇයව නතර කෙරිණි.

කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුව සම්බන්ධයෙන් විමර්ශනය කරන බලාත්මක අධ්‍යක්ෂ මණ්ඩලය (ED) ඇයට එරෙහි වාරණ නියෝගයක් ලබාගෙන තිබුණි.

ඔවුන් පාතාල නායක සුකේෂ්ගේ පෙම්වතිය ලෙස ජැකලින් සිටි බවට චෝදනා එල්ල කළ අතර මේ කාලය තුළ ඔහු ජැකලින්ට මිල අධික තෑගි රැසක් ද ලබා දී ඇති බවට කරුනු ගෙන එන ලදි.

ජැකලින්ට රුපියල් ලක්ෂ 52ක් වටිනා අශ්වයෙකු සහ පර්සියානු බළලුන් හතර දෙනෙකු, රුපියල් ලක්ෂ 9ක බළලෙකු තෑගි කළ බව චන්ද්‍රසේකර් ප්‍රශ්න කිරීමේදී හෙළි කළ බවද පැවසේ.

ඔහු ඉතා සමීපව සිටින බවට ඡායාරූප ඇතුළු සාක්ෂි රැසක් ED වෙත ලැබී තිබේ.

විත්තිකරුගේ දුරකථනයේ තිබී ජැකලින් ඔහු සමඟ සමීපව අසභ්‍ය ආකාරයෙන් සිටින ආකාරය දැක්වෙන පින්තූරද හමු විය. ඒ නිසාම නිළිය ගැන දැඩි සෝදිසියක් තිබී ඇත.

සුකේෂ්ගේ ගනුදෙනු සම්බන්ධ ජැක්ලින් කරුණු දැනදැනත් ඔහුව ආරක්ෂාකිරීම නිසා ගැටලුවක් මතුව තිබේ.

මේ ගැන අගෝස්තු මාසයේදීත් ජැකලින්ගෙන් ප්‍රශ්න කර ඇති මුත් ඇය හැමවිටම කියා ඇත්තේ සුකේෂ්ව නාඳුනන බවයි.

මෙම නඩුවේ සුකේෂ් චන්ද්‍රශේකර්, ඔහුගේ බිරිඳ ලීනා මාරියා පෝල් සහ තවත් හය දෙනෙකුට එරෙහිව ED විසින් පිටු 7,000 කින් යුත් චෝදනා පත්‍රයක් ගොනු කර ඇත.

ජැකලින්ට අකරතැබ්බයක් : මුම්බායි ගුවන් තොටුපොළේදී ආපසු හරවා යවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08