ජනප්‍රිය රැප් ගායක මාදව ප්‍රසාද් නොහොත් ‘මදුවා’ නැමැත්තා ව්‍යාජ පිස්තෝලයක් සහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කහතුඩුව පොලිසිය මඟින් මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
එහිදී සැකකරු සමඟ ව්‍යාජ පිස්තෝලයක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20ක් හා හෑෂ් ග්‍රෑම් 35ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පුද්ගලයින් හයදෙනකුගෙන් පිරිසක් කුඩා වීදුරු ටීපෝවක් මත මත්ද්‍රව්‍ය සහ පිස්තෝලයක් ද තබාගෙන මත්ද්‍රව්‍ය පානය කරමින් මත්වී හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණයවීමත් සමඟ, කහතුඩුව පොලිසිය සිදුකළ විමර්ශනයේ දී එම වීඩියෝවේ සැකකාර රැප් ගායකයාද රැඳී සිටින බවට අනාවරණය වී තිබෙනවා.
අනුව සැකකරු පදිංචි හෝමාගම මවුන්ට් ක්ලිෆඩ් නිවාස සංකීර්ණයේ දී ඔහුව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.කරනවා.
අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ සිය පරිශීලකයන් පිරිස වැඩිකර ගැනීම සඳහා එලෙස සිදුකළ බවයි.
සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



