ජනප්‍රිය රැප් ගායකයෙක් ව්‍යාජ පිස්තෝලයක් සහ අයිස් සමඟ අල්ලයි

ජනප්‍රිය රැප් ගායක මාදව ප්‍රසාද් නොහොත් ‘මදුවා’ නැමැත්තා ව්‍යාජ පිස්තෝලයක් සහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කහතුඩුව පොලිසිය මඟින් මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී සැකකරු සමඟ ව්‍යාජ පිස්තෝලයක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20ක් හා හෑෂ් ග්‍රෑම් 35ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පුද්ගලයින් හයදෙනකුගෙන් පිරිසක් කුඩා වීදුරු ටීපෝවක් මත මත්ද්‍රව්‍ය සහ පිස්තෝලයක් ද තබාගෙන මත්ද්‍රව්‍ය පානය කරමින් මත්වී හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණයවීමත් සමඟ, කහතුඩුව පොලිසිය සිදුකළ විමර්ශනයේ දී එම වීඩියෝවේ සැකකාර රැප් ගායකයාද රැඳී සිටින බවට අනාවරණය වී තිබෙනවා.

අනුව සැකකරු පදිංචි හෝමාගම මවුන්ට් ක්ලිෆඩ් නිවාස සංකීර්ණයේ දී ඔහුව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.කරනවා.

අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ සිය පරිශීලකයන් පිරිස වැඩිකර ගැනීම සඳහා එලෙස සිදුකළ බවයි.

සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19
Video thumbnail
කඩයක් ෆ්ලැට් කරගෙන ගිය ලොරි රථය
00:39
Video thumbnail
මහානාම ශිෂ්‍යන්ට සොනාල් දීපු උපදෙස
02:12
Video thumbnail
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව පළමු චෝදනාව ආවේ එංගලන්තයෙන් - අපිට කාගෙන්වත් ප#ගන්න ඕනි නෑ
02:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.08
08:06:08
Video thumbnail
සංවිධානාත්මක අපාරාධ වැළැක්වීමේ පනතක් ගෙනාවා - මෙයාලා ත්‍රස්තවාදීන් නෙවෙයි - පාතාල ක්‍රියාකරුවන්
04:31
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:45
Video thumbnail
රනිල්ලා දැම්ම නඩුවනේ මේ..හරියට නඩුව ඇහුවේ නෑ ඩීල් කළා - දැන් මොනවද මේ කියන්නේ ?
01:41