ජනපති රනිල්ට ආසියානු සංවර්ධන බැංකු සභාපතිගෙන් ප්‍රශංසා

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අතර හමුවක් සිදුව තිබෙනවා.

මෙම හමුවේ දී ආර්ථිකයේ ලබාගෙන ඇති ප්‍රගතිය හා රාජ්‍ය පාලන විනිශ්චය වාර්තාවට සමගාමීව ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ රජයට සභාපතිවරයා ප්‍රශංසා කර ඇති බව සඳහන්.

ආර්ථික ස්ථාවරත්වය, වර්ධනය ලබාගැනීම, රාජ්‍ය පාලනය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාවට නංවා ඇති ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුලපිරීම් ක්‍රියාවට නැංවීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව එහි දී අවධාරණය කළා.

ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ කැපවීම සභාපතිවරයා එහිදී යළි අවධාරණය කර සිටියා.

මේ අතර චීනයේ උප මුදල් අමාත්‍ය ලියාඕ මින් සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික රැස්වීම අතරතුර ජෝර්ජියාවේ ටිබිලිසි හිදී පැවැත් වුණා.

මෙම සාකච්ඡාවේ දී චීනය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට උපරිම සහයෝගය ලබාදෙන බවට සහතික වී තිබෙනවා.

එමෙන්ම චීනය සෑම අතින්ම ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය ඉදිරියටත් ලබාදෙන බවයි චීන උප මුදල් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10