AFC Banner
Empty Ad
Empty Ad

ජනපති අපේක්ෂක විජේදාස රාජපක්ෂ කාදිනල් හිමි මුණගැසෙයි

ජනාධිපති අපේක්ෂක විජේදාස රාජපක්ෂ අද (23) අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවී තිබෙනවා.

කොළඹ පිහිටි අග රදගුරු නිල නිවසේ දී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ.

කාදිනල් හිමිපාණන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනාධිපති අපේක්ෂක විජේදාස රාජපක්ෂ සඳහන් කළේ බලය තිබෙන ආණ්ඩුවක් පත් වූ පසු පාස්කු ප්‍රහාරය සිදුකර පාර්ශ්වයට තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බවයි.

මේ සමබන්ධයෙන් දැනුමක් ඇති පුද්ගලයින් විදෙස් රටකින් හෝ ගෙන්වා ලංකාව තුළ කොමිසමක් පත් කර ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් තොරතුරු සොයා ගැනීමට කටයුතු කරන බව ද ඔහු මෙහි දී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?