ජනපති අනුර වියට්නාමයට ළඟාවෙයි (විඩීයෝ)

නිල සංචාරයල සඳහා වියට්නාමයට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක අද (04) අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා .

වියට්නාම ජනාධිපති ලුඕං කුඕංගේ ආරාධනයක් අනුව මෙම නිල සංචාරයට එක්ව සිටින ජනාධිපති අනුර කුමාර එළැඹෙන 06 වැනි දින දක්වා වියට්නාමයේ රැඳී සිටීමට නියමිතයි.

නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි ජනධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස පිළිගැනීමට වියට්නාම විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නූයෙන් මන් කුඕං, ජනවාර්ගික හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නොං ති හා, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ට්‍රින් ති ටම් සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

1970 වසරේ දී ආරම්භ වූ වියට්නාම – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අනුව 2009 වසරෙන් පසුව ශ්‍රී ලංකා නායකයෙකු වියට්නාමයට සංචාරය කරනු ලබන පළමු අවස්ථාව මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?