spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය

මේ වන විට රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවකු වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම නඩු කටයුත්තෙන් මුදාහැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

මෙහිදි රනිල් වික්‍රමසිංහ මහතා  පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර තිබුණද ඔහුට එරෙහිව පෙත්සම්කරුවන් සහනයක් අපේක්ෂා නොකරන හෙයින් ඔහු මුදාහරින ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර අධිකරණය අනතුරුව එම නියෝගය නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?