ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක් කැඳවයි

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්‍ෂික සමුළුවක් ලබන 23 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එදින එම සාකච්ඡාව පෙරවරු 10.00 ට ජනාධිපති කාර්යාලයේ පැවැත්වීමටයි මේ වනවිට තීරණය වී ඇත්තේ. ඒ සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂවලට ආරාධනා කිරීමට නියමිතව තිබෙනවා.

රට තුළ පවතින වත්මන් අර්බුද සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉකුත්දා යෝජනා මාලාවක් ප්‍රකාශයට පත් කළා. ඒ අනුව සිය යෝජනාවලිය ජනාධිපතිවරයා ද දැනුවත් කිරිමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඊයේ දිනයේ කටයුතු කර තිබෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි. සිය යෝජනාවලිය ජනාධිපතිවරයා පිළිගත් බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම සාකච්ඡාවෙන් අනතුරුව පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?