ජනපතිගේ නියෝගයෙන් ශිෂ්‍යත්වයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණය නවතියි

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සති දෙකකට අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නියෝග කර තිබෙනවා.

අද (01) පෙරවරුවේ ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ බලධාරීන් වෙත අදාළ දැනුම්දීම සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ජනාධිපතිවරයා සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවීමටයි ජනාධිපතිවරයා එහිදී තීරණය කර ඇත්තේ.

මෙම වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 3ක් නොව ප්‍රශ්න 8ක් විභාගය පැවැත්වීමට පෙර පිටව ඇති බවත්, එබැවින් එහි පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය නැවත පවත්වන ලෙස ද දෙමව්පියන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

මේ අතර සැප්තැම්බර් මස 15 වැනි දා පැවැත්වුණු මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ඊට පෙර දින රාත්‍රියේ දී උපකාරක පන්ති ගුරුවරුන් කිහිපදෙනෙකු විසින් වට්සැප් මාර්ගයෙන් නිකුත් කරනු ලැබුවා.

මෙම සිදුවීමට අදාළ ව දිවයිනේ විවිධ ප්‍රදේශවල දෙමව්පියන් විසින් සිය කලාප කාර්‍යාල ඉදිරියේ මෙන් ම විභාග දෙපාර්තමේන්තුව ඉදිරියේ උද්ඝෝෂණ පවත්වමින් ඉල්ලා සිටියේ වහාම පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වීම කළ යුතු බවයි.

නමුත් විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිස අදාළ සිදුවීම පිළිබඳ ව විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරූ අතර එහි වාර්තාවට අනුව හෙළි වූයේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර දින ප්‍රශ්න පත්‍රය නිකුත් වී ඇති බවයි.

ඒ අනුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ මූලිකත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර එහිදී අදාළ වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් ගත යුතු සාධාරණ තීරණ සම්බන්ධයෙන් දැනුම්දෙන ලෙස දන්වා විශේෂඥ කමිටුවක් ද පත් කෙරුණා.

එම විශේෂඥ කමිටුවේ නිර්දේශය වූයේ විභාගය පැවැත්වීම ප්‍රායෝගික නොවන බවත් දරුවන්ට අසාධාරණයක් නොවන පරිද්දෙන් එම පිටවූවා යැයි පැවසෙන ප්‍රශ්න 03 සඳහා සම්පූර්ණ වූ නිදහස් ලකුණු සියලුම දරුවන්ට පිරිනමන ලෙසටයි.

ඒ අනුව ඊයේ දිනයේ දී විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඇතුළු බලධාරින් එක්ව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ දරුවන්ට දැඩි අගතියක් සිදුවන්නේ නම් ‍යළි විභාගය පැවැත්වීමට කිසිදු මැලිකමක් තමන් නොදක්වන බවත්; නමුත් විශේෂඥ කමිටු නිර්දේශය මත එය මේ පවතින තත්ත්වය තුළ අනවශ්‍ය බවත්; සුදුසුම විසඳුම වන්නේ සියලුම දරුවන්ට ඒ සඳහා ලකුණු පිරිනැමීම කිරීම බවයි.

එලෙස ගත් තීරණය මත කඩිනමින් පිළිතුරු පත්‍ර සමීක්ෂණ කටයුතු අරඹා ප්‍රතිඵල නිකුත් කරන බවට ද ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කළා.

නමුත් ඊයේ අදාළ තීන්දුවට විරෝධය පාමින් විශාල දෙමව්පියන් පිරිසක් විභාග දෙපාර්තමේන්තුව අසල විරෝධතාවයේ නිරත වූයේ යළිත් පළමු ප්‍රශ්න පත්‍රය තැබීම සිදු කළ යුතු බවට පවසමින්.

ඒ අනුවයි විරෝධතාකරුවන් හට ඊයේ දිනයේ දී ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවූයේ.

එහිදී සාකච්ඡා කෙරුණු කරුණු මත ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
3
+1
2
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?