ජනපතිගේ ධුර කාලය 06 වසක් නොව 05 වසයි – ජනපතිගෙන් පෙත්සම්කරුට අවවාදයක් (වීඩියෝ හා නිවේදනය)

ජනාධිපතිවරයාගේ ධුර කාලය 05 වසරක් බවත්; 2024 වර්ෂයේ දී ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; මෙම වර්ෂයේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් චමින්ද්‍ර දයාන් ලේනව යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා උක්ත ප්‍රකාශය සිදු කළ බවයි.

එමෙන්ම පෙත්සම්කාර පාර්ශ්වය මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර තමාගෙන් හෝ තම නීතිඥවරුන්ගෙන් මේ පිළිබඳ ව අදහස් විමසීමක් හෝ උපදෙස් ලබා ගැනීමක් සිදු කර නොමැති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ අදාළ පෙත්සම ගොනු කරමින් පෙත්සම්කාර පාර්ශ්වය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මෙරට ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1), 82 (6), 3, 4,118 සහ 125 යන වගන්ති සමග කියවිය යුතු 126 වැනි වගන්ති ප්‍රකාර ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙහි 03 වැනි වගන්තිය මගින් සංශෝධනය කරන ලද 30 (2) වැනි වගන්තිය අර්ථ නිරූපණය නොකළ යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එකී පෙත්සම අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 06ක් බව සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පිළිබඳ ව වන අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරනු තුරු මෙම වසරට ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස අදාළ පෙත්සමෙන් ඉල්ලා සිටිනවා.

Screenshot 2024 07 04 110652
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
20
+1
3
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10