ජනපතිගේ ධුර කාලය 06 වසක් නොව 05 වසයි – ජනපතිගෙන් පෙත්සම්කරුට අවවාදයක් (වීඩියෝ හා නිවේදනය)

ජනාධිපතිවරයාගේ ධුර කාලය 05 වසරක් බවත්; 2024 වර්ෂයේ දී ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; මෙම වර්ෂයේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් චමින්ද්‍ර දයාන් ලේනව යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා උක්ත ප්‍රකාශය සිදු කළ බවයි.

එමෙන්ම පෙත්සම්කාර පාර්ශ්වය මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර තමාගෙන් හෝ තම නීතිඥවරුන්ගෙන් මේ පිළිබඳ ව අදහස් විමසීමක් හෝ උපදෙස් ලබා ගැනීමක් සිදු කර නොමැති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ අදාළ පෙත්සම ගොනු කරමින් පෙත්සම්කාර පාර්ශ්වය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මෙරට ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1), 82 (6), 3, 4,118 සහ 125 යන වගන්ති සමග කියවිය යුතු 126 වැනි වගන්ති ප්‍රකාර ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙහි 03 වැනි වගන්තිය මගින් සංශෝධනය කරන ලද 30 (2) වැනි වගන්තිය අර්ථ නිරූපණය නොකළ යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එකී පෙත්සම අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 06ක් බව සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පිළිබඳ ව වන අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරනු තුරු මෙම වසරට ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස අදාළ පෙත්සමෙන් ඉල්ලා සිටිනවා.

Screenshot 2024 07 04 110652
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
20
+1
3
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?