ජනපතිගේ තුනෙන් දෙක හොල්ලන්නේ ඇතුලෙන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක මෙන්ම සරල බහුතරය ද අහිමි වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ආණ්ඩුවේ රැඳී සිටිමින් විවේචන නොකර ආණ්ඩුවෙන් ඉවත් වී විවේචන එල්ල කරන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සිදුකළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියා.

වැඩි දුරටත් මාධ්‍යයට අදහස් දැක්වූ එතුමා ,

“මුලින්ම විවේචන පටන් ගත්තේ අපිට නෙමෙයිනේ,විමල්ලා වාසුලා ඒ කන්ඩායමට් එතන මන්ත්‍රීවරු දාහතක් ද අටක් වගේ ඉන්නවා.එයාලට යන්න කිව්වා මුලින්ම.ඊලගට ශ්‍රී ලංකා නිදහස් පක්ශයට, බැලුවොත් දැන් තිස් ගානකට යන්න කියලා නේ.ඒ කියන්නේ කව්ද ?
ඒ කියන්නෙත් ජනතා පිලිගැනීමක් නැති දේශපාලන පරිණතබවක් නැති අයට.
පක්ශ නායකයන් ඒ ගැන කතා කරන්නේ නැහැ.
ජනාධිපතිවරයා දුර්වල කරන කුමන්ත්‍රනයක් මේ වෙන්නේ…
මෙතනින් පනහක් හැටක් ගියාම ජනාධිපතිවරයාට තුනෙන් දෙක තියා, සරල බහුතරයවත් නැති වෙනවා.”

ලෙස කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?