Empty Ad
AFC Banner
Empty Ad

ජනපතිගේ අසනීපයක් ගැන ව්‍යාජ තොරතුරක් පළ කළ තැනැත්තා සෙවීමට නියෝග

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් ඉකුත් ජනාධිපතිවරණය සමයේ අසත්‍ය වාර්තාවක් අන්තර්ජාලයේ පළ කිරීමේ සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

ඒ, ඉකුත් ජනාධිපතිවරණය සමයේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අසනීප තත්ත්වයක් සම්බන්ධයෙන් අසත්‍ය වාර්තාවක් අන්තර්ජාලයේ පළ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

අදාළ සිද්ධිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් පවත්වා එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එලෙස නියෝග කළා.

නීතිඥ සුනිල් වටගල මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (06) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

සුනිල් වටගල මහතා සිය පැමිණිල්ලෙන් සඳහන් කර සිටින්නේ සුභාෂ් නමැති පුද්ගලයෙකුගේ ගිණුමක් හරහා මෙම ව්‍යාජ තොරතුරු අන්තර්ජාලයට එක්කර තිබෙන බවයි.

විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදු කරන බවයි.

ඒ අනුව වැඩිදුරටත් විමර්ශන සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත් එම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද වාර්තාව කතානායක හඬවයි
03:52
Video thumbnail
ඔක්කොම අය ඉන්න තැන දන්නවලු - කවද්ද මෙයාලා අල්ලගන්නේ ?
04:12
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට
00:59
Video thumbnail
ඉස්කෝලෙට ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
00:59
Video thumbnail
මම ඉස්කෝලෙට ගියේ මට එන්න කියපු නිසා - ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
06:37
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට යලි විවෘත කෙරේ
02:12
Video thumbnail
ආණ්ඩුවේ කෙඳිරි ගෑවිලිවලට මහින්ද බය නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුව හාන්සි කරවයි
06:48
Video thumbnail
රිලව් ගැනලා හෙටින් පස්සේ - රටම සුරපුරයක් කරයි
03:57
Video thumbnail
චාමර සම්පත් අද ජනපතිටත් දෙසයි - සිංහලෙන් මදිවට දෙමලෙනුත් අමතයි
19:15
Video thumbnail
හිච්චි තුණ්ඩු කෑල්ලක් ගෙවල් වලට එවලා - රිලව් මොණරු ගණන්කරලා ගාන දාන්න කියාලා
05:33

?