ජනපතිගේ අසනීපයක් ගැන ව්‍යාජ තොරතුරක් පළ කළ තැනැත්තා සෙවීමට නියෝග

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් ඉකුත් ජනාධිපතිවරණය සමයේ අසත්‍ය වාර්තාවක් අන්තර්ජාලයේ පළ කිරීමේ සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

ඒ, ඉකුත් ජනාධිපතිවරණය සමයේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අසනීප තත්ත්වයක් සම්බන්ධයෙන් අසත්‍ය වාර්තාවක් අන්තර්ජාලයේ පළ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

අදාළ සිද්ධිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් පවත්වා එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එලෙස නියෝග කළා.

නීතිඥ සුනිල් වටගල මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (06) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

සුනිල් වටගල මහතා සිය පැමිණිල්ලෙන් සඳහන් කර සිටින්නේ සුභාෂ් නමැති පුද්ගලයෙකුගේ ගිණුමක් හරහා මෙම ව්‍යාජ තොරතුරු අන්තර්ජාලයට එක්කර තිබෙන බවයි.

විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදු කරන බවයි.

ඒ අනුව වැඩිදුරටත් විමර්ශන සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත් එම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46