ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින් ඊයේ (28) දිනයේ දී අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, එක රටක් – එක නීතියක් සදහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ කාලය මාස 03කින් දීර්ඝ කරමින්.

පසුගිය වසරේ ඔක්තෝබර් මස 26 වන දින පිහිටවනු ලැබූ එක රටක් – එක නීතීයක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය සඳහා ලබාදී තිබූ කාලය ඊයේ දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණා.

දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගැනීමට හා විද්වත් මණ්ඩලවලින් අදහස් ලබා ගැනීමට අවශ්‍ය වන බැවින් එම ජනාධිපති කාර්ය සාධක බළකායේ කාලය දීර්ඝ කර ඇති බව වාර්තා වන්නේ.

2269 06 S 1
news
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?