ඡන්ද පෙට්ටි මාරු වෙයි ද? – ඕන නම් ඡන්ද පෙට්ටි පිටිපස්සෙන් යන්නත් පුළුවන්

මැතිවරණයක දී සිදු විය හැකි යැයි පැවසෙන ඡන්ද පෙට්ටි මාරු කිරීම් කිසිදු අයුරකින් සිදු නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසනවා.

ඒ මහතා අද (13) පෙරවරුවේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ; ඡන්ද පෙට්ටි මාරු කරනවා යනු හුදු යල් පැන ගිය අතීත මතයක් මිසෙක වර්තමානයේ දී සිදු නොවන ක්‍රියාවක් බවයි.

ඡන්ද පෙට්ටි ගණනය කරන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය දක්වා රැගෙන යාමේ දී එම සෑම පෙට්ටියකට ම අනන්‍ය වූ රහස්‍ය අංකයක් ඇති බවයි ජනරාල්වරයා පැවසුවේ.

එම ඡන්ද පෙට්ටි භාරදීමේ දී ද ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයෙකුගේ පුළුල් අධීක්ෂණය සහ නිරීක්ෂණයන් මත එම කටයුතු සිදු වන අතර නැවතත් එම ඡන්ද පෙට්ටි භාර ගැනීමේ දී ද මධ්‍යස්ථාන නිරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බව ද මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එබැවින් මහජනතාව හෝ දේශපාලන පක්ෂ හෝ අපේක්ෂකයින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් හෝ අවිශ්වාසයක් ඇති නොකරගත යුතු බව ද හෙතෙම අවධාරණය කරනවා.

මේ අතර ඡන්ද පෙට්ටි ගණනය කිරීමට අවසන් ඡන්ද පොළට රැගෙන යාමේ දී දේශපාලන පක්ෂ නියෝජිතයින්ට කණ්ඩායමක් වශයෙන් සිය වාහන මගින් විශේෂ අවසරයක් මැතිවරණ කොමිෂන් සභාවෙන් ගෙන ඡන්ද පෙට්ටි පසුපසින් ගමන් කිරීමේ අවසරයක් ද ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?