ඡන්ද පෙට්ටි මාරු වෙයි ද? – ඕන නම් ඡන්ද පෙට්ටි පිටිපස්සෙන් යන්නත් පුළුවන්

මැතිවරණයක දී සිදු විය හැකි යැයි පැවසෙන ඡන්ද පෙට්ටි මාරු කිරීම් කිසිදු අයුරකින් සිදු නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසනවා.

ඒ මහතා අද (13) පෙරවරුවේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ; ඡන්ද පෙට්ටි මාරු කරනවා යනු හුදු යල් පැන ගිය අතීත මතයක් මිසෙක වර්තමානයේ දී සිදු නොවන ක්‍රියාවක් බවයි.

ඡන්ද පෙට්ටි ගණනය කරන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය දක්වා රැගෙන යාමේ දී එම සෑම පෙට්ටියකට ම අනන්‍ය වූ රහස්‍ය අංකයක් ඇති බවයි ජනරාල්වරයා පැවසුවේ.

එම ඡන්ද පෙට්ටි භාරදීමේ දී ද ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයෙකුගේ පුළුල් අධීක්ෂණය සහ නිරීක්ෂණයන් මත එම කටයුතු සිදු වන අතර නැවතත් එම ඡන්ද පෙට්ටි භාර ගැනීමේ දී ද මධ්‍යස්ථාන නිරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බව ද මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එබැවින් මහජනතාව හෝ දේශපාලන පක්ෂ හෝ අපේක්ෂකයින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් හෝ අවිශ්වාසයක් ඇති නොකරගත යුතු බව ද හෙතෙම අවධාරණය කරනවා.

මේ අතර ඡන්ද පෙට්ටි ගණනය කිරීමට අවසන් ඡන්ද පොළට රැගෙන යාමේ දී දේශපාලන පක්ෂ නියෝජිතයින්ට කණ්ඩායමක් වශයෙන් සිය වාහන මගින් විශේෂ අවසරයක් මැතිවරණ කොමිෂන් සභාවෙන් ගෙන ඡන්ද පෙට්ටි පසුපසින් ගමන් කිරීමේ අවසරයක් ද ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14