AFC Banner
Empty Ad
Empty Ad

ඡන්දෙ දාන්න යන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් හා නිවාඩු ගැන නිවේදනයක්

හෙට (21) පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයවලුන්ට, ඡන්ද විමසීම්වල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ තම ඡන්දය දීමට හැකි වන පරිදි සේවා නියුක්තිකයින්ට නිවාඩු දීමට සේවා යෝජකයන් කටයුතු කළ යුතු බවටයි.

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ 110 වැනි වගන්තියෙන් (2023 අංක 21 දරණ මැතිවරණ (විශේෂ විධිවිධාන) පනතේ 6 වැනි වගන්තියේ සංශෝත) විධිවිධාන සලසා ඇති බව ද එම නිවේදනයේ සඳහන්.

එබැවින් සැප්තැම්බර් 21 එනම් හෙට දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ද එම විශේෂ විධිවිධාන නියමිත පරිදි ක්‍රියාත්මක විය යුතු බවටයි කොමිසම දැනුම්දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?