ඡන්දය දෙද්දී නොකළ යුතු ක්‍රියා ගැන කොමිසමෙන් නිවේදනයක් – ෆොටෝ වීඩියෝ දෙකම තහනම් (වීඩියෝ සහ නිවේදනය)

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඡන්ද විමසීම පවත්නා දිනයෙහි දී නොකල යුතු ක්‍රියා එනම් තහනම් ක්‍රියා සම්බන්ධයෙන් සඳහන් කරමින් මෙම නිවේදනය නිකුත් කර තිබුණා.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පවත්වන දින ඒ ඡන්ද පොළ සීමාව ඇතුළත දී හෝ ඒ ඡන්ද පොළට ඇතුළුවන දොරටුවේ සිට කිලෝමීටර් භාගයක දුර ප්‍රමාණය අතුළත දී කිසිම තැනැත්තෙකුට එම ක්‍රියා සිදු කිරීමට තහනම් බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

එහි දී ඡන්ද ආයාචනා කිරීම, යම් ඡන්ද හිමියෙකුගේ ඡන්දය ඉල්ලීම, තෝරා පත්කර ගැනීමේ දී ඡන්දය නොදෙන ලෙස යම් ඡන්ද හිමියෙකු පෙළඹවීම වැනි ක්‍රියා රැසක් එම නිවේදනයේ අන්තර්ගත වනවා.

මේ අතර එම දෙපාර්තමේන්තුව විසින් ඡන්ද විමසීමට අදාළ කටයුතු ඡායාරූපගත, වීඩියෝගත කිරීම සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මුදාහැරීම වැළැක්වීම සම්බන්ධයෙන්ද නිවේදනයක් නිකුත් කර තිබුණා.

මේ අනුව ඡන්ද විමසීම් දින ඡන්ද මධ්‍ය්ස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූප, වීඩියෝගත කිරීම හෝ සමාජ ජාලා ඔස්සේ මුදාහැරීමට කටයුතු කිරීම, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවයි එම දෙපාර්තමෙන්තුව සඳහන් කරන්නේ.

එබැවින් එවැනි ක්‍රියාවලින් වැළකෙන ලෙස සියලුම සමාජ මාධ්‍ය ගිණුම් හිමියන්ගෙන් හා පරිපාලකයින්ගෙන් එම දෙපාර්තමෙන්න්තුව ඉල්ලා සිටිනවා.

WhatsApp Image 2024 09 19 at 15.42.59
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාභ ලබන ඩිපෝ සේවකයන්ට බෝනස්..පාඩු ලබන ඩිපෝ සේවකයන්ට දීමනා
06:44
Video thumbnail
පරාජයට මුජිබුර් කියන අමුතු හේතුව - මම පරාජය වුණේ නෑ
09:59
Video thumbnail
අද රෑට බීලා නම් අහුවෙන්න එපා..ලේසි වෙන්නේ නෑ..අද රෑට පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්
05:09
Video thumbnail
අපි පොලිසිය දැක්කාම දුවන්නේ නෑ - එන්න කිව්වොත් එනවනේ
06:10
Video thumbnail
දශක ගණනක් ගීතයෙන් රට එළිය කළ ඇය දැයෙන් සමුගත් හැටි..ඉතිං රාජිණියනි සුවෙන් ජිවන මඟ නිවි සැනසෙන්න..!
08:56
Video thumbnail
ලතාගේ අවසන් ගමනට කරගැසූ සජිත්
01:56
Video thumbnail
"දැයට සමුදෙන හෙළයේ ගී කෝකිලාවිය" - සජීවි විකාශය
04:00:13
Video thumbnail
මතුගම සජබ සභාපති අධිකරණයට රැගෙන යන හැටි.."ප්‍රශ්න තමයි ජීවිතේ බිග් කුච්චන්"
01:46
Video thumbnail
කොළඹ පරද්දන්න විපක්ෂය එකතුවෙලා ඊයේ පාටි දැම්මා
02:20
Video thumbnail
"හරිනි අමරසූරිය වහාම ඉල්ලා අස්විය යුතුයි"..විමල් වීරවංශ ලෙසටම කුපිත වෙයි
06:00


?