ඡන්දය දෙද්දී නොකළ යුතු ක්‍රියා ගැන කොමිසමෙන් නිවේදනයක් – ෆොටෝ වීඩියෝ දෙකම තහනම් (වීඩියෝ සහ නිවේදනය)

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඡන්ද විමසීම පවත්නා දිනයෙහි දී නොකල යුතු ක්‍රියා එනම් තහනම් ක්‍රියා සම්බන්ධයෙන් සඳහන් කරමින් මෙම නිවේදනය නිකුත් කර තිබුණා.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පවත්වන දින ඒ ඡන්ද පොළ සීමාව ඇතුළත දී හෝ ඒ ඡන්ද පොළට ඇතුළුවන දොරටුවේ සිට කිලෝමීටර් භාගයක දුර ප්‍රමාණය අතුළත දී කිසිම තැනැත්තෙකුට එම ක්‍රියා සිදු කිරීමට තහනම් බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

එහි දී ඡන්ද ආයාචනා කිරීම, යම් ඡන්ද හිමියෙකුගේ ඡන්දය ඉල්ලීම, තෝරා පත්කර ගැනීමේ දී ඡන්දය නොදෙන ලෙස යම් ඡන්ද හිමියෙකු පෙළඹවීම වැනි ක්‍රියා රැසක් එම නිවේදනයේ අන්තර්ගත වනවා.

මේ අතර එම දෙපාර්තමේන්තුව විසින් ඡන්ද විමසීමට අදාළ කටයුතු ඡායාරූපගත, වීඩියෝගත කිරීම සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මුදාහැරීම වැළැක්වීම සම්බන්ධයෙන්ද නිවේදනයක් නිකුත් කර තිබුණා.

මේ අනුව ඡන්ද විමසීම් දින ඡන්ද මධ්‍ය්ස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූප, වීඩියෝගත කිරීම හෝ සමාජ ජාලා ඔස්සේ මුදාහැරීමට කටයුතු කිරීම, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවයි එම දෙපාර්තමෙන්තුව සඳහන් කරන්නේ.

එබැවින් එවැනි ක්‍රියාවලින් වැළකෙන ලෙස සියලුම සමාජ මාධ්‍ය ගිණුම් හිමියන්ගෙන් හා පරිපාලකයින්ගෙන් එම දෙපාර්තමෙන්න්තුව ඉල්ලා සිටිනවා.

WhatsApp Image 2024 09 19 at 15.42.59


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17