මෙවර අයවැයෙන් සිය ගැටලුවලට විසදුම් ලැබී නොමැති බවට චෝදනා කරමින් සියලු විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල හෙට දිනයේ සංකේත වර්ජනයක නිරතවීමට යන බවට නිවේදනය කරනවා.
මෙම වැඩවර්ජනය හේතුවෙන් හෙට දිනයේ සියළු සරසවිවල කටයුතු අඩාල වීමේ අවධානමක් මතුව තිබෙනවා.
2025 අයවැයෙන් කප්පාදු කළ වැටුප්, අතිකාල දීමනා සහ අනෙකුත් දීමනා යළි ලබාදෙන ලෙස ඉල්ලමින් හෙට (25) දිනයේදී සංකේත වැඩවර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කරනවා.
එම කමිටුව සඳහන් කළේ, අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් රජය මෙතෙක් සාකච්ඡාවක් හෝ ලබාදී නොමැති බැවින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කළ බවයි.
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් පසුගිය නොවැම්බර් 18 වැනිදා ද වර්ජනයක නිරත වූ අතර, මෙවර ඔවුන් සංකේත වැඩවර්ජනයක නිරත වීමට සූදානම් වනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දබරේරා සඳහන් කළේ, 2025 අයවැයෙන් කප්පාදු කළ වැටුප්, දීමනා සහ අතිකාල දීමනා යළි ලබාදෙන ලෙස මිස වැටුප් වැඩිවීමක් ඉල්ලා නොසිටින බවයි.
එමෙන්ම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත කිසිදු කණ්ඩායමකට රජය මෙතෙක් සාකච්ඡා ලබාදී නොමැති බවද ඔහු ප්‍රකාශ කරනවා.










