චීස්, බටර්, අයිස්ක්‍රීම් වලට ඩොලර් කෝටි 600ක් වියදම් කරලා

රට විශාල ඩොලර් හිඟයකට මුහුණපා සිටියදී චීස්, බටර්, එළවළු, පළතුරු, රසකැවිලි, අයිස්ක්‍රීම්, චොක්ලට්, සෝස් වර්ග ඇතුළු ජනතාවට අත්‍යවශ්‍යම නොවන ද්‍රව්‍ය ආනයනය සඳහා පසුගිය වසරේ අමෙරිකානු ඩොලර් කෝටි 600ක් පමණ වැය කර ඇති බව නවතම මහ බැංකු වාර්තාවක සඳහන් වනවා.

ඒ අනුව 2021 වසරේ ශ්‍රී ලංකාවට එළවළු ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 384ක් වැය කර තිබේ. එසේම චීස් ආනයනය සඳහා ඩොලර් මිලියන 14ක්ද, බටර් ආනයනය සඳහා ඩොලර් මිලියන 3ක්ද, විවිධ පළතුරැ ආනයනය සඳහා ඩොලර් මිලියන 67ක්ද, චොක්ලට්, අයිස්ක්‍රීම්, සෝස් වර්ග හා ආමන්ඩ් ආනයනය සඳහා ඩොලර් මිලියන 47ක්ද වැය කර ඇත.

එසේම ශීතකරණ, ජංගම දුරකථන, දැව ගෘහ භාණ්ඩ, රූපලාවණ්‍ය උපකරණ, රූපවාහිනී ඇතුළු ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 2182ක් වැය කර තිබේ. මෙලෙස 2021 වසරේ ආහාරපාන හා ආහාර නොවන භාණ්ඩ ආනයනය උදෙසා වැය කර තිබෙන මුළු මුදල අමෙරිකානු ඩොලර් මිලියන හයදහස් තිහකි. (6,030කි.) එය ඩොලර් කෝටි 600කට මඳක් වැඩි මුදලකි.

ඇතැම් වාණිජ බැංකු විසින් ලාභ උපරිම භාණ්ඩ ආනයනය සඳහා මෙලෙස ඩොලර් මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හූ..ලැජ්ජා නැද්ද යකෝ - NPP සෙට් එක නිසා මාතර සමූපකාර රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
16:37
Video thumbnail
CTB බස් එකේ යනවනම් අවුරුදු තෑගි..ගන්න ටිකට් සුරක්ෂිතව තියාගන්න
04:10
Video thumbnail
නාමල් ඔය කියන පාටි දැම්මේ නෑ..නාමල්ගේ උපන්දිනය ක්‍රේන්ද්‍රකරගෙන මාලිමාව බොරු ප්‍රචාර යවනවා
02:43
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13