රට විශාල ඩොලර් හිඟයකට මුහුණපා සිටියදී චීස්, බටර්, එළවළු, පළතුරු, රසකැවිලි, අයිස්ක්‍රීම්, චොක්ලට්, සෝස් වර්ග ඇතුළු ජනතාවට අත්‍යවශ්‍යම නොවන ද්‍රව්‍ය ආනයනය සඳහා පසුගිය වසරේ අමෙරිකානු ඩොලර් කෝටි 600ක් පමණ වැය කර ඇති බව නවතම මහ බැංකු වාර්තාවක සඳහන් වනවා.
ඒ අනුව 2021 වසරේ ශ්‍රී ලංකාවට එළවළු ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 384ක් වැය කර තිබේ. එසේම චීස් ආනයනය සඳහා ඩොලර් මිලියන 14ක්ද, බටර් ආනයනය සඳහා ඩොලර් මිලියන 3ක්ද, විවිධ පළතුරැ ආනයනය සඳහා ඩොලර් මිලියන 67ක්ද, චොක්ලට්, අයිස්ක්‍රීම්, සෝස් වර්ග හා ආමන්ඩ් ආනයනය සඳහා ඩොලර් මිලියන 47ක්ද වැය කර ඇත.
එසේම ශීතකරණ, ජංගම දුරකථන, දැව ගෘහ භාණ්ඩ, රූපලාවණ්‍ය උපකරණ, රූපවාහිනී ඇතුළු ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 2182ක් වැය කර තිබේ. මෙලෙස 2021 වසරේ ආහාරපාන හා ආහාර නොවන භාණ්ඩ ආනයනය උදෙසා වැය කර තිබෙන මුළු මුදල අමෙරිකානු ඩොලර් මිලියන හයදහස් තිහකි. (6,030කි.) එය ඩොලර් කෝටි 600කට මඳක් වැඩි මුදලකි.
ඇතැම් වාණිජ බැංකු විසින් ලාභ උපරිම භාණ්ඩ ආනයනය සඳහා මෙලෙස ඩොලර් මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.














nodakin mey lankawe gonnu. ochchara rasa guna athi elawalu palathuru ratey thiyeddi pita rata walin kunu godawal genna gena gilinawa. cholesterol pirinu butter cheese wenuwats bathala kos wage gunaathmaka dey kaapalla. apple walata wada apey amba papol wage palathuru mona tharam rasada guna daayakda.