AFC Banner
AFC Banner
Empty Ad

චීන වෛරසය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

චීන වෛරසය සම්බන්ධයෙන් රජය ඉතා සුපරික්ෂාකාරී ව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.

අද (09) පාර්ලිමේන්තුවේ දී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, වසංගත රෝග විද්‍යා අංශය නිරන්තරයෙන් ඒ සම්බන්ධයෙන් වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සපයමින් සිටින බවයි.

එම වෛරසය වැළඳුණු රෝගියෙක් වාර්තා වුවහොත් නිසැකව ම ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?