රජය විසින් නැවත වතාවක් විදුලි බිල සියයට 66කින් ඉහල දමනු ලැබීය. සාමාන්‍යයක් ලෙස සියයට 66ක් යැයි පැවසුවද රටේ බහුතරයක් විදුලිය පාරිභෝගිකයන්, එනම් ඒකක 30 සහ 60 කාණ්ඩවලට ඉහල දමා ඇති ගාස්තු ප්‍රතිශතය සියයට සියය ඉක්මවා ඇත.
ඒකක 30 දක්වා වූ කාණ්ඩයට පමණක් ඉහල දමා ඇති ගාස්තු ප්‍රතිශතය සියයට 225කි. මීට මාස 05කට පෙරත් රජය මේ ආකාරයෙන්ම විදුලි බිල ඉහල දැමුවේ සියයට 75ක ප්‍රතිශතයකිනි. ඒ අනුව බලන විට උද්ධමනයෙන් සහ ආදායම් අහිමිවීමෙන් පීඩාවට පත්ව සිටින රටේ බහුතරයක් ජනතාවට ආණ්ඩුව විසින් මෙවර කෙළින්ම විදුලි සැර වද්දා ඇත.
රජය පවසන්නේ ඉව්දුලිය බිල මෙතරම් ඉහල දමන්නට සිදුවූයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලින්(IMF) අපේක්ෂා කරන ණය මුදල නිදහස් කිරීම වෙනුවෙන් IMF පැනවූ කොන්දේසියකට අනුව බවයි.
එහි සත්‍යතාවක් නැත්තේම නැත. ඊට හේතුව රටේ දැවැන්ත ලෙස පාඩු ලබන ආයතන තවදුරටත් පාඩු ලැබීම වලක්වා ගැනීම සඳහා යම් යම් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ නිර්දේශ IMF විසින් ඉදිරිපත් කර ඇති බැවිනි. ලංකා විදුලි බල මණ්ඩලය රටට බරක්වී ඇති එම ආයතන අතර ඉදිරියෙන්ම සිටී. ඒ අනුව IMF නිර්දේශයන්ට අනුව විදුලි බිල ඉහල දැමීම තර්කානුකුලව නිවැරදි විය හැකිය.
එහෙත් රටේ ජනතවට එම තර්කවලින් අදාලත්වයක් නැත. ජනතාව මෙතෙක් කල් ණයට විදුලිය ලබාගත්තේ නැත. එමනිසා ලංවිම මෙලෙස දැවැන්ත පාඩුවකට ලක්ව ඇත්තේ ජනතාවගේ වරදකින් නොවේ.
ඇත්තෙන්ම ලංවිම පාඩු ලබන්නට මෑත ඉතිහාසයේ බලපෑ ප්‍රධාන හේතු කිහිපයක්ම වෙයි. ඒ අතරින් ප්‍රධාන වන්නේ රටේ විදුලිය නිෂ්පාදනයෙන් සියයට 45කට ආසන්න විශාල ප්‍රමාණයක් භාරදී ඇති මෙරට විශාලතම ගලාගාරය ලෙස සැලකෙන නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය මිස අන් කිසිවක් නොවේ.
එහෙත් එම මාතෘකාව කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ කතාබහට ලක්වන්නේ නැත. ඒ වෙනුවට මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීම සහ දේශපාලකයන් සහ නිලධාරීන් විදුලිය ජනන ක්‍රියාවලියේ විවිධ ස්ථානවලදී අක්‍රමිකතා සිදුකිරීම මෙන්ම, අනවශ්‍ය වියදම් රාශියක් දරමින් ලංවිම නඩත්තු කිරීම පමණක් කතාබහට ලක්වන බව දැකගත හැකිය.
කෙසේවෙතත් මේ සියලු අතුරු ගැටළු නිර්මාණය වී ඇත්තේ නොරොච්චෝලේ නැමති කේන්ද්‍රස්ථානය මුල්කරගෙන බව විමසිල්ලෙන් සොයාබැලීමේදී හඳුනාගත හැකිය. සරලව කිවහොත්, රටේ විදුලි සැපයුමට අදාළ සියලුම කටයුතු සහ ජාතික විදුලිය සපයුමින් සියයට 45ක් පමණ පාලනය කරමින්, වසර10කට වැඩි කාලයක් මෙරට විදුලිය සැපයුම මෙහෙයවන ලද්දේ නොරොච්චෝලේ බලාගාරයට විසිනි.
එමනිසා ගල්අඟුරු මිලදීගැනීමේ වංචා හෝ ඩීසල් විදුලි බලාගාර වලින් හදිසි විදුලිය මිලදී ගැනීම් මෙන්ම මෙරට නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමට බාධා එල්ල කිරීම යන සියලුම කාරණා පිටුපස ඇත්තේ චීනය විසින් පාලනය කරනු ලබන නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය බව හඳුනාගත හැකිය.
මේ ලිපියෙන් කියවෙන්නේ එවැනි බලපෑමක් මෙරටට එල්ල කරන නොරොච්චෝලේ පිලිබඳ කෙටි හැඳින්වීමකි.
රටේ විදුලි අර්බුදයට විසඳුමක් ලෙස ගල්අඟුරුවලින් ක්‍රියාත්මක වන බලාගාරයක් ලංකාවට අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කරන ලද්දේ 1995 වසරේදීය. ඒ අනුව 1998 වර්ෂයේදී එම බලාගාරය සඳහා මූලික ශක්‍යතා අධ්‍යයනය සිදු කෙරිණි. පළමුව ගල් අඟුරු බලාගාරයක් වෙනුවෙන් යෝජනාවක් ඉදිරිපත් කෙරුණේ ජපානය වෙතිනි.
එහෙත් මෙවැනි විශාල ව්‍යාපෘතියක් හරහා ලබාගත හැකි කොමිස් ජපානය සමග කෙරෙන ගනුදෙනුවකදී හුවමාරු නොවන බැවින් එම යෝජනාව ආරම්භයේදීම යටපත් විය. එය චීනයට යොමුවන්නේ ඉන් අනතුරුවය. නොරොච්චෝලේ ලක්විජය බලාගාර යෝජනාව ඉදිරිපත් වන්නේ ඒ අනුවය. බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ අවධියේ පටන්ම ඊට විරෝධතා එල්ල විය.
ඒ, ප්‍රදේශවාසීන්ගේ ඉඩම් අහිමි වීම, පරිසර දුෂණය හා සෞඛ්‍ය ගැටලු යන ප්‍රධාන කරුණු තුන මුල් කරගෙනයි. එම විරෝධතා මැඩපවත්වා ඉදිකිරීම් ආරම්භ කෙරුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේදීය.
ලක්විජය විදුලි බලාගාර ව්‍යාපෘතියෙහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු චීනයේ CMEC ආයතනය යි. මෙම ව්‍යාපෘතිය සඳහා ණය සැපයුවේ චීනයේ එක්සිම් බැංකුව මගිනි. මෙහි ඉදිකිරීම් අවසන් වන විටට එක්සත් ජනපද ඩොලර් මිලියන 1346ක් වැය වී ඇති බව සඳහන් විය. මෙම බලාගාරයේ නඩත්තු කටයුතු සඳහා, වසර හතරකට වරක් නියමිත දින ගණනක් ඒ ඒ ඒකකය මුළුමනින් ම අක්‍රියකර තැබීම අනිවාර්ය අවශ්‍යතාවක් ලෙස සැලකෙයි.
‘A මට්ටමේ අලුත්වැඩියාවක්’ සඳහා එක් ජනක යන්ත්‍රයක් දින 100ක පමණ කාලයක් බැගින් අක්‍රියකර තැබීමට අවශ්‍ය වේ. ලක්විජය අඟුරු බලාගාරය රටෙහි විදුලි ඉල්ලුමෙන් හරි අඩක් ම සපයන බැවින්, මෙය අක්‍රිය වන සෑම අවස්ථාවක දී ම ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියට දැඩි බලපෑමක් සිදුවන බවට විදුලි ඉංජිනේරුවෝ නිතර පවසති.
බලාගාරයේ ඉදිකිරීම් අවස්ථාවල සිට එහි ගනුදෙනු ගැන විවිධ චෝදනා එල්ල විය. මේ සම්බන්ධයෙන් එල්ල වී ඇති තවත් විවේචනයක් වන්නේ ආරම්භයේ සිට ම, බලාගාරය රට මත බරපතල බලපෑම් ඇති කරමින් නිතර දෝෂවලට ලක්ව අක්‍රිය වීමයි.
2010 ඔක්තෝබර් මාසයේදීම, එනම් ආරම්භයේදීම බලාගාරයේ ගින්නක් ඇති වූ අතර, ගල් අඟුරු දහනයෙන් පිටවන අපද්‍රව්‍ය චිමිනියක සිරවීම හේතුවෙන් ගින්න හට ගත් බව විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු පැවසූහ. එතැන් සිට මෙම බලාගාරය බිඳවැටුණු වාර ගණන ලංවිම වර්තාවල පවා නොමැති තරම්ය.
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය මෙසේ නිතර බිඳවැටීම්වලට හේතුව ඉදිකිරීමෙන් පසුව නිසි පරීක්ෂණ සේවාවකින් පසුව එය භාරනොදුන් නිසා බව විදුලි වෘත්තිය සමිති ආරම්භයේදීම පෙන්වා දුන්නේය. බලාගාරයක් ඉදි කිරීමෙන් අනතුරු ව එහි විදුලිය බලය නිෂ්පාදනය කර, එහි සේවාව රජයට පෙන්වා දී, එය නිසි පරිදි බාර දීම සාමාන්‍ය පිළිවෙතයි. එහෙත් එවැන්නක් මෙහි දී සිදු ව නැති බව වාර්තා විය.
නොරොච්චෝලේ ආශ්‍රිත සියලු පාලන කටයුතු ආරම්භයේ පටන්ම සිදුකෙරුණේ එහි මෙහෙයුම් කටයුතුවල නිරත චීන ඉංජිනේරුවන්ට අවශ්‍ය ආකාරයෙන් පමණකි.
නොරොච්චෝලේ යනු අඩු ප්‍රමිතියකින් යුතු බලාගාරයක් බවට කිසිදු සැකයක් නැත. චීනයේ පිහිටුවා ඇති අනෙක් පැරණි ගල්අඟුරු බලාගාර පවා හොඳින් ක්‍රියාත්මක වෙයි. එහෙත් මෙම බලාගාරය වසරකට කිහිප වතාවක්ම බිඳවැටීම්වලට ලක්වේ. ගලවා ඉවත් කළ අබලන් බලාගාරයක් ආටෝප කර ශ්‍රී ලංකාවට ගෙනැවිත් සවි කළ බවට එකල විදුලි වෘත්තිය සමිති සෘජුව චෝදනා කළේය.
එහි පරිපාලනය සම්බන්ධ ප්‍රශ්නද පවතී. චීන සමාගම නිසි පරිදි එහි තාක්ෂණය ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ට ලබා දී නැත යැයි ලංකා විදුලි සේවක සංගමය චෝදනා කළේ 2014 තරම් ඈතකදි ය. මෙම ගැටළුද ඇතුලත්ව, නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදි කිරීමේ දී සිදුවූ වංචා සෙවීමට කොමිසමක් පත් කළ යුතු බවට ලංකා විදුලි සේවක සංගමය එකල ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනු ලැබීය. එහෙත් චීනයේ බලපෑම මත ගෙවීගිය දශකයේ කිසිදු ආණ්ඩුවක් යටතේ එවැනි කොමිසමක් පත්කෙරුණේ නැත.
අවසාන වශයෙන්, මෙම බලාගාරය, එහි ආරම්භයේ සිට ගෙවුණු වසර ගණනාව ඇතුළත නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය විසින් මෙරටට සිදුකර ඇත්තේ ඇති දැවැන්ත ව්‍යසනයක් බව පැවසීම අසත්යයක් නොවේ. කොටින්ම කිවහොත ශ්‍රී ලංකාවේ වත්මන් බලශක්ති අර්බුදය නිර්මාණය කරලීමෙහිලා ගෙවුණු දශකටකට වැඩි කාලයකදී නොරොච්චෝලේ විසින් නොමසුරු දායකත්වයක් ඉතාම සැලසුම් සහගත ලෙස ලබාදී ඇති බව සඳහන් කළයුතුය.