චීන අසූචි පොහොර මඟඩියේ විගණන වාර්තාව එළියට

කාබනික පොහොර තොගයක් මෙරටට චීන සමාගමකින් ආනයනය කිරීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විගණන වාර්තාව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එම වාර්තාවට අනුව අදාළ ගනුදෙනුවේ දී රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුව ඇති බවයි එහි සඳහන් වන්නේ.

අදාළ වාර්තාව මඟින් විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත්තේ මෙම ගනුදෙනු සම්බන්ධයෙන් වගකිවයුතු සියලුදෙනාට එරෙහිව නඩු පවරා ඔවුන්ගෙන් එම පාඩුව අයකර ගන්නා ලෙසයි.

2021 වසරේ දී රසායනික පොහොර ආනයනය තහනම් කිරීමෙන් අනතුරුව එවකට රජය සීමාසහිත චීනයේ කින්ඩාඕ සීවින් බයෝටෙක් සමාගම වෙතට කාබනික පොහොර ආනයනය සඳහා අනුමැතිය ලබාදී තිබුණා.

ඒ, අනුව අදාළ සමාගමෙන් මෙරටට ආනයනය කරන ලද කාබනික පොහොර සාම්පල පරීක්ෂාවේ දී ඒවා ජීවානුහරණය කර නොමැති බවත් එහි “අර්වීනියා” හා “බැසිලස්” නමැති අහිතකර බැක්ටීරියා ඇති බවට ජාතික ශාක නිරෝධායතනය නිරීක්ෂණය කර ඇති බව විගණන වාර්තාවේ සඳහන්.

එවැනි වාර්තාවක් නිකුත් කර තිබියදීත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සාමාජිකයන්ගෙන් යුතු විශේෂ කාර්ය කමිටුවක් හරහා ලබාදුන් නිර්දේශ මත අදාළ කාබනික පොහොර තොගය ආනයන කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට රජයේ පොහොර සමාගම් දෙක වන සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගම කටයුතු කර ඇති බව එම විගණන වාර්තාව මඟින් පෙන්වා දී තිබෙනවා.

ටොන් 20,550කින් යුත් චීන කාබනික පොහොර කොළඹ වරායට ගොඩබෑමට උත්සාහ කළ ද එය ශාක නිරෝධායන නීතියට පටහැනි බැවින් මතභේදාත්මක තත්ත්වයක් ද ඇති වුණා.

කෙසේ වෙතත් අදාළ ගනුදෙනුව මුල්කරගෙන කොළඹ වාණිජ මහාධිකරණයේ ගෙන ගිය නඩුකරය සමථයකට පත් වී ඇත්තේ සමස්ත නැවේ පිරිවැයෙන් සියයට 75ක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවීමට රජය කටයුතු කිරීම හේතුවෙන්.

ඒ, අනුව රජයට මෙම ගනුදෙනුව හරහා රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුකර ඇති බව විගණකාධිපතිවරයා නිකුත් කළ මෙම වාර්තාවෙන් පෙන්වා දෙනවා.

එමෙන්ම ගනුදෙනුවට අදාළ අත්තිකාරම් ගෙවීම සිදුකර ඇත්තේ ද කිසිදු සුරක්ෂිතයකින් තොරව බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා ඔවුන්ගෙන් මුදල් අයකරගන්නා ලෙස විගණකාධිපතිවරයා නිර්දේශ කරනවා.

එමෙන්ම ඔහු මෙම වාර්තාව මඟින් යෝජනා කර සිටින්නේ සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාවේ නීතිරීතිවලට අනුව සහ ගිවිසුමට අනුව ක්‍රියා නො කිරීම නිසා සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛනගත කරන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29