චීනය සිය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට නේපාලය බලහත්කාරයෙන් ඇතුළත් කර ගැනීමේ උත්සාහයක

චීනය සිය එක් තීරයක් එක් මාවතක් මුලපිරුම සඳහා නේපාලයේ සහාය ලබා ගැනීමට උත්සාහ කළ ද ඔවුන් එක්සත් ජනපදයෙන් සහ ඉන්දියාවෙන් ද සහාය ලබා ගන්නා බැවින් ඊට සම්බන්ධ වීමට අකමැත්ත පළ කර ඇති බව වාර්තා වනවා .

කත්මන්ඩු පදනම් කරගත් අන්තර්ජාල සඟරාවක් වන එපැඩෆ්ස් වාර්තා කළේ.

නේපාලය තවමත් එම වැඩපිළිවෙලට ඇතුළු වීමට එකඟ වී නොමැති බවයි.

කෙසේ වෙතත් මෑත කාලීන ගෝලීය ආර්ථික තත්ත්වයන්ට අනුව එක් තීරයක් එක් මාවතක් යනු චීන ණය උගුලක් බවට නේපාලයට සැක මතු වී ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පොකාරා ප්‍රාදේශීය ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීම චීනය නේපාලයට එල්ල කිරීමට උත්සාහ කරන බලපෑමට උදාහරණයක් බවයි.

එම කාලය තුළ නේපාලයේ වැඩබලන චීන තානාපති වැන්ග් ෂින් පැවසුවේ ගුවන්තොටුපළ එක් තීරයක් එක් මාවතක් සැලැස්ම යටතේ පවතින බවයි.

එපැඩෆ්ස් සඟරාව වාර්තා කර ඇත්තේ චීනය එසේ ප්‍රකාශ කළ ද සැබැවින් ම අදාළ ගුවන් තොටුපළ ඉදි කර ඇත්තේ නේපාල ආයෝජන සහ චීන එක්සිම් බැංකුවේ ණය ආධාර මත බවයි.

නේපාලය චීනයේ එක්සිම් බැංකුවෙන් ලබාගෙන ඇති ණය මුදල රුපියල් බිලියන 22 කට ආසන්නය.

ඒ සඳහා වන වාර්ෂික පොළී අනුපාතය සියයට 2.75 කි.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ නේපාලයට ඇතුළු වීමට පෙර අදාළ ගුවන් තොටුපළේ කටයුතු ආරම්භ කර ඇති බව ද අදාළ වාර්තාවේ සඳහන්.

එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ, නේපාලය සහ චීනය එක් තීරයක් එක් මාවතක් හි රාමුගත ගිවිසුමකට පමණක් එළැඹී ඇති අතර, පළමුව ව්‍යාපෘති 35ක් සිදු කිරීමට නියමිතව තිබූණද පසුව මෙම ව්‍යාපෘති බොහොමයක් අත්හිටුවා එම සංඛ්‍යාව 09 දක්වා අඩුකර ඇති බවයි.

ඊට පොකාරා ගුවන් තොටුපල ව්‍යාපෘතිය ඇතුළත්ව තොතිබූ බවද වාර්තා වනවා.

චීනය බලහත්කාරයෙන් නේපාලය එක් තීරයක් එක් මාවතක් වෙත ඇතුළත් කිරීමට උත්සාහ කරන බව මෙවැනි ආයෝජන ව්‍යාපෘතිවලින් සනාථ පෙනී යන බවයි  එපැඩෆ්ස් වාර්තාවේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත්, එක්සත් ජනපදය සහ ඉන්දියාව වැනි නේපාලයේ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රික මිතුරන් චීනයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වන බැවින් මෙය අවසානයේ නේපාලයට ගැටළුවක් විය හැකි බවටයි අනාවැකි පළ වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?