චීනය සිය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට නේපාලය බලහත්කාරයෙන් ඇතුළත් කර ගැනීමේ උත්සාහයක

චීනය සිය එක් තීරයක් එක් මාවතක් මුලපිරුම සඳහා නේපාලයේ සහාය ලබා ගැනීමට උත්සාහ කළ ද ඔවුන් එක්සත් ජනපදයෙන් සහ ඉන්දියාවෙන් ද සහාය ලබා ගන්නා බැවින් ඊට සම්බන්ධ වීමට අකමැත්ත පළ කර ඇති බව වාර්තා වනවා .

කත්මන්ඩු පදනම් කරගත් අන්තර්ජාල සඟරාවක් වන එපැඩෆ්ස් වාර්තා කළේ.

නේපාලය තවමත් එම වැඩපිළිවෙලට ඇතුළු වීමට එකඟ වී නොමැති බවයි.

කෙසේ වෙතත් මෑත කාලීන ගෝලීය ආර්ථික තත්ත්වයන්ට අනුව එක් තීරයක් එක් මාවතක් යනු චීන ණය උගුලක් බවට නේපාලයට සැක මතු වී ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පොකාරා ප්‍රාදේශීය ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීම චීනය නේපාලයට එල්ල කිරීමට උත්සාහ කරන බලපෑමට උදාහරණයක් බවයි.

එම කාලය තුළ නේපාලයේ වැඩබලන චීන තානාපති වැන්ග් ෂින් පැවසුවේ ගුවන්තොටුපළ එක් තීරයක් එක් මාවතක් සැලැස්ම යටතේ පවතින බවයි.

එපැඩෆ්ස් සඟරාව වාර්තා කර ඇත්තේ චීනය එසේ ප්‍රකාශ කළ ද සැබැවින් ම අදාළ ගුවන් තොටුපළ ඉදි කර ඇත්තේ නේපාල ආයෝජන සහ චීන එක්සිම් බැංකුවේ ණය ආධාර මත බවයි.

නේපාලය චීනයේ එක්සිම් බැංකුවෙන් ලබාගෙන ඇති ණය මුදල රුපියල් බිලියන 22 කට ආසන්නය.

ඒ සඳහා වන වාර්ෂික පොළී අනුපාතය සියයට 2.75 කි.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ නේපාලයට ඇතුළු වීමට පෙර අදාළ ගුවන් තොටුපළේ කටයුතු ආරම්භ කර ඇති බව ද අදාළ වාර්තාවේ සඳහන්.

එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ, නේපාලය සහ චීනය එක් තීරයක් එක් මාවතක් හි රාමුගත ගිවිසුමකට පමණක් එළැඹී ඇති අතර, පළමුව ව්‍යාපෘති 35ක් සිදු කිරීමට නියමිතව තිබූණද පසුව මෙම ව්‍යාපෘති බොහොමයක් අත්හිටුවා එම සංඛ්‍යාව 09 දක්වා අඩුකර ඇති බවයි.

ඊට පොකාරා ගුවන් තොටුපල ව්‍යාපෘතිය ඇතුළත්ව තොතිබූ බවද වාර්තා වනවා.

චීනය බලහත්කාරයෙන් නේපාලය එක් තීරයක් එක් මාවතක් වෙත ඇතුළත් කිරීමට උත්සාහ කරන බව මෙවැනි ආයෝජන ව්‍යාපෘතිවලින් සනාථ පෙනී යන බවයි  එපැඩෆ්ස් වාර්තාවේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත්, එක්සත් ජනපදය සහ ඉන්දියාව වැනි නේපාලයේ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රික මිතුරන් චීනයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වන බැවින් මෙය අවසානයේ නේපාලයට ගැටළුවක් විය හැකි බවටයි අනාවැකි පළ වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02