Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය ඉහළ දමයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ, ඊයේ (19) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී, සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් අංක 25කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, පෙර පැවති සියයට 8.75ක අනුපාතය සියයට 9ක් දක්වා ඉහළ නැවීමට තීරණය වූ බවයි, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත්තේ.

දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ ඉදිරි දැක්ම සැලකිල්ලට ගනිමින්, මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

මැදපෙරදිග පවතින ගැටුම් අපේක්ෂා කළ කාලයට වඩා දිගු වීමත් සමඟ ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම සහ ආහාර මිල ගණන් ඉහළ යාම මෙරට උද්ධමන පීඩනය තවදුරටත් ඉහළ නංවා ඇති බවයි මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව, 2026 ඔක්තෝබර් මාසයේ දී මෙරට උද්ධමනය වාර්ෂික පදනම මත සියයට 8.3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.