චීනය වසර 6ක් තුළ නිරීක්ෂණ චන්ද්‍රිකා සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි කරයි

එක්සත් ජනපදයේ හමුදා නිලධාරියෙක් මෑතකදී පැවසුවේ චීනයේ කොමියුනිස්ට් පාලන තන්ත්‍රය මෑත වසරවලදී බුද්ධි අංශ හෝ හමුදාමය අරමුණු සඳහා භාවිතා කළ හැකි කක්ෂගත චන්ද්‍රිකා සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි කර ඇති බවයි.

අභ්‍යවකාශ බලකායේ ජෙනරාල් ස්ටීවන් වයිටින්, සම්මන්ත්‍රණයකදී, චීන කොමියුනිස්ට් පක්ෂය (CCP) බුද්ධි, නිරීක්ෂණ, ඉලක්ක අත්පත් කර ගැනීම සහ ඔත්තු බැලීමේ (ISTAR) අරමුණු සඳහා චන්ද්‍රිකා සිය ගණනක් දියත් කිරීම අධීක්ෂණය කළ බව පැවසුවා.

ජෙනරල් වයිටින්ගේ ප්‍රකාශයන්, බටහිර ආන්ඩු සහ ආරක්ෂක ආයතන සයිබර් ප්‍රහාර හරහා ඉලක්ක කර ඇති සහ අභ්‍යවකාශ තාක්‍ෂණය ඇතුළු තීරණාත්මක තාක්‍ෂණ ක්ෂේත්‍රවල ආධිපත්‍යය දැරීමේ පුළුල් සීසීපී අභිලාෂයකට අනුකූල බව පෙනී යනවා

CCP, පාලන තන්ත්‍රයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ තොරතුරු කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2022 ධවල පත්‍රිකාවක, ලෝකයේ “අභ්‍යවකාශ බලය” නායකයා වීමේ තම අභිලාෂය ප්‍රකාශ කර තිබුණා.

එම ප්‍රකාශනයෙන් පසුව, සීසීපී පාලන තන්ත්‍රය වාර්ෂික චන්ද්‍රිකා දියත් කිරීම් වලදී ලොව ප්‍රමුඛතම ජාතිය බවට පත් වූ අතර නව මොඩියුලර් රොකට් පද්ධති සංවර්ධනය කිරීම සහ රුසියාව සමඟ ඒකාබද්ධ චන්ද්‍ර පදනමක් ඉදිකිරීම අධීක්ෂණය කර ඇති බව ද මාධ්‍ය වාර්තා කළා.

ජෙනරල් වයිටින් පැවසුවේ, තර්ජන හමුවේ එක්සත් ජනපද චන්ද්‍රිකා “වඩා ඔරොත්තු දෙන” බවට පත් කිරීමට අභ්‍යවකාශ හමුදාව පියවර ගෙන ඇති බවයි.

චන්ද්‍රිකා මත නව ආරක්ෂක හැකියාවන් ඇතුළත් කිරීමෙන් සහ විශාල චන්ද්‍රිකා මණ්ඩල යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීම සහතික කර ඇති බව ඔහු පැවසුවා.

මේ අතර, එහිදී අදහස් දැක්වූ ආරක්ෂක බුද්ධි අංශ අධ්‍යක්ෂ ජෙනරාල් ජෙෆ් කෘස් කියා සිටියේ චීන කොමියුනිස්ට් පාලනය ජාත්‍යන්තර පර්යාය තුළ එක්සත් ජනපද ආධිපත්‍යය ඛාදනය කිරීමට සිය නව අභ්‍යවකාශ වත්කම් භාවිතා කිරීමට උත්සාහ කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි.."සුද්දට ගිය රටක් වගේ මේක"
01:37
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම..මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:59
Video thumbnail
ඔයාලාට මානසික රෝගයක් තියෙන්නේ..මනෝ ගනේෂන් නහුතෙටම තදවෙයි
04:59
Video thumbnail
ඔයාලා වගෙ කොන්ද පණ නැති රූකඩ නෙවෙයි රටවල් පාලනය කළේ..ඔයා ඉරානයට දෝහිකම් කළා
07:50
Video thumbnail
විජේට සිද්ධ වුණ දේ ගැන රූපා කුමාරතුංග කට අරියි..ප්‍රේමදාස සතුටු වුණා විජේව එළොව යැව්වට
02:53
Video thumbnail
චමීර සලේ ගැන කරපු ඇස් උඩයන හෙළිදරව්ව මෙන්න..සලේ කට ඇරියොත් කිසි කෙනෙකුට ගැලවෙන්න බෑ
09:23