චීනය යළිත් ෂි ජින් පින්ග් අතට

තෙවැනි වරටත් චීන ජනාධිපති ලෙස ෂි ජින් පින්ග් තේරී පත්ව තිබෙනවා.

ඒ, අනුව ෂි ජින් පින්ග් සැළකෙන්නේ මාවෝ සේතෝගෙන් පසු චීනයෙන් බිහිවන වඩාත්ම බලවත් පාලකයා ලෙසයි.

මේ අතර, චීනයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස කොංග්‍රස් පක්ෂයේ නායක ලී චීයෑන්ග් නම්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ එනවිට එරට අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන ලී කච්යාන් එළැඹෙන මාර්තු මාසයේ දී විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා.

ඔහුගේ විශ්‍රාම යාමෙන් පසු එම තනතුර සඳහා ලී චීයෑන්ග් පත්වීමට නියමිතයි.

මේ අතර චීන කොමියුනිස්ට් පක්ෂ කොංග්‍රසයේ සමාප්ති උත්සවය අතර තුර එරට හිටපු ජනාධිපති හු ජින්ටාඕ බලධාරීන් පිරිසක් විසින් ඉවතට රැගෙන ගොස් ඇති බව ද විදෙස් මධ්‍ය වාර්තා කළා.

මෙය බලහත්කාරයෙන් සිදුකළ ඉවත් කිරීමක් බවටද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?