චීනය න්‍යෂ්ටික අවි ගබඩාවක් ගොඩ නැගීම ගෝලීය ස්ථාවරත්වයට බලපෑමක් –  G7 නායකයින්ගේත් අවධානය  යොමු වෙයි

චීනයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන න්‍යෂ්ටික අවි ගබඩාව ගෝලීය සහ කලාපීය ස්ථාවරත්වයට දක්වන බලපෑම සම්බන්ධයෙන් G7 කණ්ඩායමේ රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ ජපානයේ  හිරෝෂිමා නගරයේ න්‍යෂ්ටික නිරායුධකරණය පිළිබඳ සාකච්ඡාවලින් පසුවයි.

SIPRI චින්තන පර්ෂදය ඇස්තමේන්තු කරන්නේ චීනය සතුව න්‍යෂ්ටික යුද උපකරණ 350 ක පමණ තොගයක් ඇති බවටයි.
එක්සත් ජනපදය හා රුසියාව සමඟ සසඳන විට එය සුළු ප්‍රමාණයක් බව ඔවුන්ගේ අදහසයි.

පෙන්ටගනය ඉකුත් නොවැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරන ලද ඇස්තමේන්තුවකට අනුව චීනයේ න්‍යෂ්ටික අවි අංශය වේගයෙන් වර්ධනය වන අතර 2035  වසර වන විට එරට එවැනි යුද උපකරණ 1,500ක් තිබිය හැකි බව දක්වා තිබුණා.

G7 නායකයින් අනතුරු ඇඟවූයේ විනිවිදභාවයකින් හෝ අර්ථවත් සංවාදයකින් තොරව න්‍යෂ්ටික අවි ගබඩාව ව්‍යාප්ත කිරීම ගෝලීය සහ කලාපීය ස්ථාවරත්වයට තර්ජනයක්  ගෙන දෙන බවයි.

1964 දී සිදුකළ පළමු න්‍යෂ්ටික අත්හදා බැලීමේ සිට, චීනය සංසන්දනාත්මකව සෑහීමකට පත්විය හැකි අවි ගබඩාවක් පවත්වාගෙන  ගිය අතර ඔවුන් සහතික වී තිබුණේ ගැටුමකදී න්‍යෂ්ටික අවි භාවිත කරන ප්‍රථමයා තමන් නොවන බවට වගබලා ගන්නා බවටයි.

නමුත් මෑත කාලීනව, ජනාධිපති ෂී ජින්පින් යටතේ, චීනය දැවැන්ත හමුදාවක් ආරම්භ කර තිබීම ලෝක නායකයින්ගේ නායකයින් ගේ අවධානයට යොමුව තිබෙනවා.

සතුරන් වැළැක්වීමට පමණක් නොව, වැළැක්වීම අසාර්ථක වුවහොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ද හැකි වන පරිදි ඔවුන් න්‍යෂ්ටික අවි වැඩිදියුණු කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

අප්‍රේල්  මාසයේදී, G7 කණ්ඩායමේ විදේශ ඇමතිවරු හමුවූ අවස්ථාවේදී ද චීනයේ න්‍යෂ්ටික ධාරිතාව ප්‍රසාරණය කිරීම සම්බන්ධයෙන් ඔවුන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබුණා.

එසේම ඔවුන් ඉල්ලා සිටියේ වොෂින්ටනය සමඟ උපායමාර්ගික අවදානම් අඩු කිරීමේ සාකච්ඡා සහ බීජිං වෙතින් වැඩි විනිවිදභාවයක් තිබිය යුතු බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22