logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

චීනයෙන් තායිවානයට අඩත්තේටම්

චීන – තායිවාන දේශ සීමා ප්‍රශ්න නිරන්තරයෙන් ඉහළ යන පසුබිමක දී; තවත් නවතම සිදුවීමක් තායිවානයට අත්විඳීමට සිදු ව තිබෙනවා.

තායිවාන රජය චෝදනා කරන්නේ චීන වෙරළාරක්ෂක බලකාය විසින් සිය ධීවර යාත්‍රාවක් ඔවුන්ගේ ඉදිරිපෙළ පිහිටි දූපත් අසල රඳවාගෙන සිටින බවයි.

තායිවානයේ තායිපේ බලධාරීන් විසින් පාලනය කරනු ලබන පෙරටුගාමී දූපත් සමූහයක් වටා පිහිටි බෝට්ටු නැවතුම්පොළක තම යාත්‍රා නවත්වාගෙන ඇති බවටයි තායිවානය චෝදනා කරන්නේ.

චීනය නිරන්තරයෙන් සිදු කරන මෙම අඩත්තේට්ටම් හේතුවෙන් තායිවානය සිය අප්‍රසාදය පළ කරන අතර; සිය ධීවරයින් 05 දෙනෙකු ද යාත්‍රාව සමග චීන දේශ සීමාවේ රඳවාගෙන ඇති බවට ද තායිවානය පෙන්වා දෙනවා.

තායිවානයේ වෙරළාරක්ෂක නිලධාරියා කියා සිටියේ ටචින්මන් 88 නමැති ධීවර යාත්‍රාව චීනයේ ෂියාමෙන් නගරයේ සිට සැතපුම් කිහිපයක් ඔබ්බෙන් පිහිටි කින්මන් දූපත් අසල දී චීන වෙරළාරක්ෂක යාත්‍රා දෙකක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

තායිවාන වෙරළාරක්ෂක නිලධාරීන් බෝට්ටුව සහ කාර්ය මණ්ඩලය වහාම නිදහස් කරන ලෙස මේ වනවිට චීනයෙන් ඉල්ලා ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?