චීනයෙන් තායිවානයට අඩත්තේටම්

චීන – තායිවාන දේශ සීමා ප්‍රශ්න නිරන්තරයෙන් ඉහළ යන පසුබිමක දී; තවත් නවතම සිදුවීමක් තායිවානයට අත්විඳීමට සිදු ව තිබෙනවා.

තායිවාන රජය චෝදනා කරන්නේ චීන වෙරළාරක්ෂක බලකාය විසින් සිය ධීවර යාත්‍රාවක් ඔවුන්ගේ ඉදිරිපෙළ පිහිටි දූපත් අසල රඳවාගෙන සිටින බවයි.

තායිවානයේ තායිපේ බලධාරීන් විසින් පාලනය කරනු ලබන පෙරටුගාමී දූපත් සමූහයක් වටා පිහිටි බෝට්ටු නැවතුම්පොළක තම යාත්‍රා නවත්වාගෙන ඇති බවටයි තායිවානය චෝදනා කරන්නේ.

චීනය නිරන්තරයෙන් සිදු කරන මෙම අඩත්තේට්ටම් හේතුවෙන් තායිවානය සිය අප්‍රසාදය පළ කරන අතර; සිය ධීවරයින් 05 දෙනෙකු ද යාත්‍රාව සමග චීන දේශ සීමාවේ රඳවාගෙන ඇති බවට ද තායිවානය පෙන්වා දෙනවා.

තායිවානයේ වෙරළාරක්ෂක නිලධාරියා කියා සිටියේ ටචින්මන් 88 නමැති ධීවර යාත්‍රාව චීනයේ ෂියාමෙන් නගරයේ සිට සැතපුම් කිහිපයක් ඔබ්බෙන් පිහිටි කින්මන් දූපත් අසල දී චීන වෙරළාරක්ෂක යාත්‍රා දෙකක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

තායිවාන වෙරළාරක්ෂක නිලධාරීන් බෝට්ටුව සහ කාර්ය මණ්ඩලය වහාම නිදහස් කරන ලෙස මේ වනවිට චීනයෙන් ඉල්ලා ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12