AFC Banner
Empty Ad
Empty Ad

චීනයත් පස්සට යයි – අපේක්ෂිත් ආර්ථික වර්ධනය සිහිනයක් වෙන ලකුණු

රුසියාව විසින් යුක්රේන ආක්‍රමණය කිරීමත්, කොවිඩ් වසංගතය යළිත් වතාවක් වේගයෙන් ව්‍යාප්තවීමත් හේතුවෙන් චීනයට ඉදිරි වසරේදී අපේක්ෂිත ආර්ථික ඉලක්කන් වෙත ලගාවීමට නොහැකි වනු ඇති බව වාර්තාවනවා.

‍වොෂින්ටන් පෝස්ට් වාර්තාවක දැක්වෙන්නේ, 2022 දී සියයට 5.5 ක ආර්ථික වර්ධනයක් ලගා කරගත හැකි වනු ඇති බවට චීනය මෑතකදී සිදුකළ පුරෝකතනයන් ද ඉටුකර ගැනීමට නොහැකි වනු ඇති බවයි.

එම වාර්තාවට අනුව,කොවිඩ් වසංගතය යළි ව්‍යාප්තවීමත් එහිදී චීනය අනුගමනය කරන දැඩි සීමා කිරීමේ ප්‍රතිපත්තියත් හේතුවෙන් එරට නිෂ්පාදනය වේගවත් කිරීම අපහසු වී තිබෙනවා.

එමෙන්ම , දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ පවතින විශාලතම යුද්ධය සම්බන්ධයෙන් චීනයේ අපැහැදිලි ස්ථාවරය ද එරට ආර්ථිකය අස්ථාවර කර ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මේ අතර, චීනය යම් හෙයකින්, රුසියාවට ආර්ථික හෝ යුද ආධාර ලබා දුනහොත් චීනයට සම්බාධක පැනවීමේ තර්ජනයක් ද මතුවනු ඇති බවයි එම වාර්තාවේ සදහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?