චීනයට ස්වභාවික වායුව විකිණූ රඛයින් ප්‍රාන්තය මියන්මාරයේ දෙවැනි දුප්පත්ම ප්‍රාන්තය බවට පත්වෙයි

මියන්මාරයේ පාලන බලය හොබවන මිලිටරි ජුන්ටාව විසින් 2022 වසරේ දී එරට රඛයින් ප්‍රාන්තයෙන් නිපදවන ඇමරිකානු ඩොලර් බිලියන 1.43ක් වටිනා ස්වාභාවික ගෑස් චීනයට අපනයනය කර තිබෙනවා.

චීන රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ රඛයින් අක්වෙරළේ පිහිටි ෂ්වේ ස්වභාවික වායු ව්‍යාපෘතිය මගින් නිපදවන ලද ගෑස් මියන්මාර-චීන ස්වභාවික වායු නල මාර්ගය හරහා චීනයට අලෙවි කර ඇති බවයි.

ඩොලර් බිලියනයක පමණ වියදමින් ඉදිකරන ලද මෙම ගෑස් නළ මාර්ගයෙන් වාර්ෂිකව ගෑස් ඝන මීටර් බිලියන 12ක් බෙදා හැරීමට සහ ප්‍රවාහනය කිරීමට හැකි බව පැවසෙනවා.

රඛයින් මුහුදු තීරයෙන් නිපදවන ස්වභාවික වායුව මැග්වේ, මැන්ඩලේ සහ ෂැන් යන ප්‍රාන්ත හරහා ගෑස් නළ මාර්ගයෙන් යොමු කෙරෙන්නේ චීනයේ යුනාන් ප්‍රාන්තය වෙතයි.

ගෑස්වලට අමතරව යුනාන් ප්‍රාන්තය දක්වා ඩොලර් බිලියන 1.5 කට වඩා වැඩි වියදමකින් කිලෝමීටර් 771ක් දිග බොරතෙල් නළ මාර්ගයක්ද ඉදිකර ඇති අතර, ඒ ඔස්සේ වාර්ෂිකව බොර තෙල් ටොන් මිලියන 22ක් ප්‍රවාහනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා .

චීන-මියන්මාර ගෑස් නළ මාර්ග ව්‍යාපෘතියේ කොටස්වලින් සියයට 7.36කට ද තෙල් නළ මාර්ග ව්‍යාපෘතියේ කොටස්වලින් සියයට 49.1කට ද හිමිකම් කියන්නේ මියන්මාර තෙල් සහ ස්වාභාවික ගෑස් ව්‍යවසායයි.

විදෙස් වාර්තාවලට අනුව, මියන්මාරය චීනයට වැඩිපුරම ගෑස් අපනයනය කරන රටවල් අතර ප්‍රධාන වනවා.

ටර්ක්මෙනිස්තානය සහ රුසියාවට පසුව ස්වභාවික ගෑස් අපනයනය කරන තුන්වන විශාලතම අපනයනකරු වන්නේද මියන්මාරයයි.

මියන්මාර-චීන ස්වභාවික ගෑස් නළ මාර්ගය සීමාසහිත අග්නිදිග ආසියානු ගෑස් නළ සමාගමේ වගකීම යටතේ පවතින අතර බොරතෙල් නල මාර්ගය කළමනාකරණය කරනු ලබන්නේ අග්නිදිග ආසියානු බොරතෙල් නළ සමාගම විසින්.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ රඛයින් ප්‍රාන්තයේ ස්වභාවික සම්පත්  මියන්මාර අනුප්‍රාප්තික රජයන් විසින් සෑම වසරකම බිලියන ගණනකට චීනයට අපනයනය කළද, රඛයින් ප්‍රාන්තය මියන්මාරයේ දෙවැනි  දුප්පත්ම ප්‍රාන්තය ලෙසත්  ඉහළම විරැකියා අනුපාතයන්ගෙන් සමන්විත ප්‍රාන්තයක් ලෙසත් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29