චමීරගේ සැත්කම සාර්ථකයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඊයේ (28) ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි දී සැත්කමකට භාජනය කෙරුණා.

සුප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු ශල්‍ය වෛද්‍ය මාර්ක් බ්ලැක්නි විසින් සිදුකරන ලද එම සැත්කම සාර්ථක බවයි එරටින් තොරතුරු වාර්තා වන්නේ.

මේ වන විට දුෂ්මන්ත සුවය ලබමින් සිටින බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තරගයක පන්දු යවමින් සිටියදී චමීර පදයේ ආබාධයකට ලක්වුණා.

ඒ, හේතුවෙන් ඔහුට අවාසනාවන්ත ලෙස සිදුවුණේ මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?