චමරිගෙන් ශතක 12ක වාර්තාවක් – ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණට (ඡායාරූප)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙරට ක්‍රිකට් වංශ කතාවේ නව පිටුවක් පෙරළා තිබෙනවා.

ඒ මේ දිනවල (25) දඹුල්ලේ දී ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2024 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී කැපී පෙනෙන දක්ෂතා යළි යළිත් පෙන්වමින්.

චමරි මැලේසියාවට එරෙහිව විශිෂ්ට ශතකයක් (119*) නොදැවී ලබා ගැනීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැස් කර ඇති වැඩිම ශතක සංඛ්‍යාවට ද ඇය හිමිකම් කීමට සමත් ව වුණා.

ඇය සතුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශතක 12ක් ලියැවී තිබෙනවා.

වර්ෂ 1998 දී පාකිස්තානයට එරෙහිව සී. සෙනෙවිරත්න ටෙස්ට් තරගයක දී නොදැවී ලකුණු 105ක් ගෙන තිබුණා.

නමුත් ඇය තබා තිබූ එම වාර්තාව බිඳ දමමින් පන්දුවාර 20 සහ එක්දින තරග රටාවෙන් වැඩිම ශතක ප්‍රමාණයක් තැබීමටයි චමරි අතපත්තුට හැකි ව ඇත්තේ.

චමරි තැබූ ශතක 12න් 09ක් ම ඇය එක්දින තරග රටාවල දී තබා තිබෙනවා.

ඒවා පිළිවෙළින් වර්ෂ 2011,2014,2017,2018,2019, 2022 සහ 2023 යන වර්ෂවල දී යි.

සෙසු ශතක ටී20 පිටියේ දී ඇය විසින් ලබාගෙන ඇති ශතක වන අතර ඒවා 2019 දී එක් ශතකයක් සහ 2024 දී ශතක දෙකක් ද ඒ අතරට අයත්.

මේ අතර, ඊයේ (24) තායිලන්තයට එරෙහිව පැවති තරගය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 10කින් ජය ගැනුණා.

කාසියේ වාසිය දිනූ තායිලන්තය පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී රැස් කළේ ලකුණු 93ක් පමණි.

කඩුලු බිඳ දැමීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කවීෂා දිල්හාරි කඩුලු 02ක් සහ අචිනි කුලසූරිය, ඉනෝෂි ප්‍රියදර්ශනී, සුගන්ධිකා කුමාරි සහ චමරි අතපත්තු එක් ව එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු 51ක් තව ඉතිරිව තිබියදී කිසිවෙකු නොදැවී ලකුණු 94ක් ලබා තරගය ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ අපරාජිත ව තවදුරටත් බී කාණ්ඩයෙන් පෙරමුණේ සිටීමට අවස්ථාව උදා කරගත්තා.

එහිදී චමරි අතපත්තු නොදැවී ලකුණු 49ක් රැස් කළ අතර; විශ්මි ගුණරත්න ද නොදැවී ලකුණු 39ක් ලබා ගත්තා.

තරගයේ වීරයා සම්මානය චමරි අතපත්තුට හිමිවුණා.

මෙම ජයග්‍රහණය සමගින් 2024 ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සෘජුව සහ අපරාජිව ත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමට ද සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
33
+1
0
+1
16
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?