චමරිගෙන් ශතක 12ක වාර්තාවක් – ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණට (ඡායාරූප)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙරට ක්‍රිකට් වංශ කතාවේ නව පිටුවක් පෙරළා තිබෙනවා.

ඒ මේ දිනවල (25) දඹුල්ලේ දී ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2024 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී කැපී පෙනෙන දක්ෂතා යළි යළිත් පෙන්වමින්.

චමරි මැලේසියාවට එරෙහිව විශිෂ්ට ශතකයක් (119*) නොදැවී ලබා ගැනීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැස් කර ඇති වැඩිම ශතක සංඛ්‍යාවට ද ඇය හිමිකම් කීමට සමත් ව වුණා.

ඇය සතුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශතක 12ක් ලියැවී තිබෙනවා.

වර්ෂ 1998 දී පාකිස්තානයට එරෙහිව සී. සෙනෙවිරත්න ටෙස්ට් තරගයක දී නොදැවී ලකුණු 105ක් ගෙන තිබුණා.

නමුත් ඇය තබා තිබූ එම වාර්තාව බිඳ දමමින් පන්දුවාර 20 සහ එක්දින තරග රටාවෙන් වැඩිම ශතක ප්‍රමාණයක් තැබීමටයි චමරි අතපත්තුට හැකි ව ඇත්තේ.

චමරි තැබූ ශතක 12න් 09ක් ම ඇය එක්දින තරග රටාවල දී තබා තිබෙනවා.

ඒවා පිළිවෙළින් වර්ෂ 2011,2014,2017,2018,2019, 2022 සහ 2023 යන වර්ෂවල දී යි.

සෙසු ශතක ටී20 පිටියේ දී ඇය විසින් ලබාගෙන ඇති ශතක වන අතර ඒවා 2019 දී එක් ශතකයක් සහ 2024 දී ශතක දෙකක් ද ඒ අතරට අයත්.

මේ අතර, ඊයේ (24) තායිලන්තයට එරෙහිව පැවති තරගය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 10කින් ජය ගැනුණා.

කාසියේ වාසිය දිනූ තායිලන්තය පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී රැස් කළේ ලකුණු 93ක් පමණි.

කඩුලු බිඳ දැමීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කවීෂා දිල්හාරි කඩුලු 02ක් සහ අචිනි කුලසූරිය, ඉනෝෂි ප්‍රියදර්ශනී, සුගන්ධිකා කුමාරි සහ චමරි අතපත්තු එක් ව එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු 51ක් තව ඉතිරිව තිබියදී කිසිවෙකු නොදැවී ලකුණු 94ක් ලබා තරගය ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ අපරාජිත ව තවදුරටත් බී කාණ්ඩයෙන් පෙරමුණේ සිටීමට අවස්ථාව උදා කරගත්තා.

එහිදී චමරි අතපත්තු නොදැවී ලකුණු 49ක් රැස් කළ අතර; විශ්මි ගුණරත්න ද නොදැවී ලකුණු 39ක් ලබා ගත්තා.

තරගයේ වීරයා සම්මානය චමරි අතපත්තුට හිමිවුණා.

මෙම ජයග්‍රහණය සමගින් 2024 ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සෘජුව සහ අපරාජිව ත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමට ද සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12