චන්න විකුම්ගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

මැතිවරණයට දේශපාලඥයන්ගේ නම් හා ඡායාරූප ඇතුලත් කළ බව පවසා දෙහිවල ගල්කිස්ස සමගි ජන බලවේගයෙ ප්‍රධාන සංවිධායක චන්න විකුම් විසින් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ චන්න විකුම්,

අපි දෙහිවල ගල්කිස්ස නගර සභාවෙන් වාර්ෂිකව පොත් බෙදා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.ජනාධිපතිතුමාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දොළවත්ත මහතාගේ ඡායාරූප මෙම පොත්වල තියෙනවා. නීතිය අනුව මේක වැරදි වැඩක් සදාචාරසම්පන්න නැහැ. දෙහිවල ගල්කිස්ස බල ප්‍රදේශයේ වරිපනම් ගෙවන කට්ටියගේ බදු මුදල්වලින් තමයි මේ පොත් බෙදා දෙන්නේ. දෙහිවල ගල්කිස්ස ප්‍රදේශයවත් නැති අයගේ ඡායාරූප තමයි මෙසේ දාලා තියෙන්නේ. මේ පිළිබඳව සොයා බලා කටයුතු කරන්න කියලා මැතිවරණ කොමිසමට කියන්නයි අපි මෙතනට ආවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?