ඝාතන 3කට සූදානම් වූ අයෙක් ගිනි අවියක් සමග අල්ලයි (වීඩියෝ)

ඝාතනයක් සඳහා සූදානමින් සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ සමීපතමයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි සිට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගේ උපදෙස් මත පුද්ගල ඝාතන තුනක් සිදු කිරීම සඳහා සූදානමින් සිටි සැකකරු කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ගිනි අවි සහ යතුරු පැදි ද සමගින්.

පසුගිය 20 වනදා ආඬිඅම්බලම ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදු කර පළා යමින් සිටියදී 28 හැවිරිදි සැකකරු අත් අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07 කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර ලබා ගෙන තිබුණා.

එහිදී කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතන සැලසුම් සහ ඊට භාවිතා කිරීමට සූදානමින් සිටි ඇමෙරිකාවේ නිෂ්පාදිත මිලිමීටර් 09 වර්ගයේ ස්වයංක්‍රීය අවියක්, ජීව උණ්ඩ, ව්‍යාජ අංක තහඩු සවි කරන ලද යතුරු පැදි දෙකක් සහ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා හෙරොයින් ද අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මිනුවන්ගොඩ, උන්නාරුව සහ කළහුගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනකු සැකකරු විසින් මොහු ඝාතනය කිරීම සඳහා සූදානම් වී සිටි අතර මොහුගේ සහායක වෙඩික්කරු ද මිනුවන්ගොඩ පොලිසිය මගින් හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත් අඩංගුවට ගැනීම හේතුවෙන් මෙම ඝාතන සැලසුම් ප්‍රමාද වී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ගිනි අවිය, උණ්ඩ, යතුරු පැදි සහ හෙරොයින් තොගය සමග සැකකරු අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47