ගොළු අයියා සනාථ කළ නැගණියගේ යළි ඉපදීම

පෙර භවය හෙළිකළ දරුවන් හාර දහසකින් පමණ. ලොව සිදු කළ පුනර්භව පර්යේෂණ අතරින් ගොළු බසින් සාක්කි ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකාවේ පුනර්භව පර්යේෂණයකදීය. 1985 වසරේ දී අනාවරණය වූ එම දැරිය උපත ලැබුවේ පයාගල ප්‍රදේශයේ දී 1981 වසරේදීය. පෙර භවය හෙළිකළ එම දැරිය පැවසුවේ පෙර නිවසේ ගොළු අයියා කෙනෙක් සිටි බවය.   
පෙර භවයේ දී ඇය ජීවත්ව සිටියේ කතරගම බවත් මැණික් ගඟේ දියේ ගිලී මරණය සිදු වූ බවත් ඇයට මතක තිබිණි. කතරගම ප්‍රදේශයේ පරිසරය පිළිබඳව කිසිදු දැනීමක් හෝ හෝ දර්ශනයක් හෝ ඇය ඒ වන විට දැක නොතිබිණි.   එහෙත් කතරගම දේවාලය ගැනත් කිරිවෙහෙර පිළිබඳවත් ඇය පැහැදිලිව පාරිසරික පිහිටීම් අනාවරණය කළාය.   පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බාල දියණිය වූ ඇයට පෙර භවය සිහිපත් වූ අන්දම ද අතිශය වැදගත්ය. ඇය බහ තෝරණ වියේ සිටිය දී දිනක් පියාගේ මිතුරෙක් නිවසට පැමිණියේය. පියා සමඟ කතා කරමින් සිටි මිතුරා ඔහු පෙර දිනක දී කතරගම ගිය බැව් පැවසීය. ඒ අසල සිටි දියණියට එය ශ්‍රවණය වීමත් සමඟ අපේ ගෙවල් පාරෙ ද ගියේ ? යැයි ප්‍රශ්න කළාය.   

ඉන් අනතුරුව කතරගම ජීවිත තොරතුරු මතකයෙන් හෙළිකරන්නට වූවාය. තම පියාට මල් කඩයක් තිබූ බවත් ඔවුන් පදිංචිව සිටියේ කිරිවෙහෙර පිටු පස නිවසක බවත් කීවාය. පෙර නිවසේ ගොළු අයියා කෙනෙක් සිටි බවත් දිනක් මව සමඟ ගොළු අයියාත් සමඟ ගඟට ගිය විටෙක දී දියේ ගිලී මරණය සිදු වූ බවත් පැවසුවාය. ඇය කීවේ ගොළු අයියා තල්ලු කළා, යනුවෙනි.   


කතරගම දේවාලය පිළිබඳව ද තොරතුරු හෙළි කළ මෙම දැරිය දේවාලයේ පොල් ගසන බවත් ඔවුන් එම පොල් එකතුකරගෙන එන බවත් කීවාය. පෙර භවය පිළිබඳව ඇය අනාවරණය කළ තොරතුරු සියුම් පර්යේෂණයකට ලක් කිරීමට අපට අවස්ථාව ලැබිණි. ඒ පිළිබඳව ඇ​ෙමරිකාවේ ස්ටීවන්සන් විසින් ද පර්යේෂණයක් පැවැත්වීය. අනතුරුව ඔහුගේ පර්යේෂණ වාර්තාවකට ද එම දැරියගේ පුනර්භව සාධකය ඇතුළත් කර ඇත.   

මෙම දැරිය හෙළි කළ පෙර භවයේ දැරිය නිමල් කාන්ති නම් වූ අතර ඇගේ මරණය සිදුවී තිබුණේ 1974 වසරේදීය. එම දැරියගේ ජීවිත තොරතුරු විමර්ශනය කිරීමට ගොළු අයියා ප්‍රබලතම සාක්කිය බවට පත්විය.   
එක්දහස් නවසිය හැත්තෑ එකේ වසරේ දී කතරගම දී උපත ලද නිමල් කාන්ති දැරිය පස්දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි දියණිය වූවාය. ඇයට වැඩිමහල් පිරිමි සොහොයුරෙක් සිටි අතර ඔහුට කතා කිරීමේ හැකියාව නොලැබිණි. ඇය එම සොහොයුරාට ඇමතුවේ ගොළු අයියා යනුවෙනි. ගොළු අයියා සමඟ නිතර සෙල්ලම් කිරීම ද ඇගේ සිරිත වූවාය. ඔවුන්ගේ නිවස පිහිටා තිබුණේ කතරගම කිරිවෙහෙර පිටුපසය. දේවාලය සහ මැණික් ගඟ ද ඔවුන්ගේ නිවසට ඉතා ආසන්නව පිහිටා තිබිණි.   


1974 ජුනි මාසයේ දිනෙක නිමල් කාන්තිගේ මව තම ගොළු පුත්‍රයා සහ දියණියද සමඟ රෙදි සේදීම සඳහා ගඟ වෙත ගියාය. ඇය රෙදි සෝදන අතර දැරිය ගොළු අයියා සමඟ ගල්පොත්තක් මත සෙල්ලම් කරමින් සිටියාය. දරුවන් දෙදෙනා දෙස වරින් වර බලමින් මව රෙදි සේදීමේ නිරතව සිටියාය. වරක් ඒ දෙස බැලූ මවට තම සිඟිති දියණිය දක්නට නොලැබිණි. ගොළු අයියා දෙස බැලූ මවට ඔහු සංඥා මගින් දියණිය ජලයට වැටුණු බැව් පෙන්වා දුන්නේය. ගොළු අයියා ජලයට අත දිගු කරමින් පෙන්වා දෙන විට සිදුවී ඇති​ දේ තේරුම් ගැනීමට මවට හැකිවිය. දියණිය ජලයේ ගිලී ඇති බැව් දුටු මවගේ ආදෝනාව මැද පිරිස වහා ඒ අසලට පැමිණියහ.   
දැරිය සෙවීමේ නිරත වූ ඔවුන් ඒ වනවිටත් ප්‍රමාද වී තිබිණි. ජලයේ ගිලී ගිය දැරිය ඒ වනවිටත් අවසන් හුස්ම හෙළා තිබිණි. අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් දැරියගේ සිරුර භූමදානය කැරිණි.   


කතරගමට ගොස් ගොළු අයියා සිටි නිවසත් පියාගේ මල් කඩයත් සොයා ගැනීමට අපට අවස්ථාව ලැබිණ. මල් කඩය පිහිටා තිබුණේ කිරිවෙහෙර දක්වා යන ගමන් මාර්ගයේය. එදා අප නිමල් කාන්තිගේ පියා සහ මව මල් කඩයේ සිටිය දී හමුවුනෙමු. 

ඔවුන්ගේ නිවෙස පිහිටා තිබුණේ කිරිවෙහෙර පිටුපස ගමන් මාර්ගයේය. නිමල් කාන්ති ගේ ජීවන තොරතුරු විමර්ශනය කිරීමේ දී ඇය දියට වැටුණු අයුරු සංඥා භාෂාවෙන් ගොළු අයියා එදා​ පෙන්වා දුන්නේය. නිමල් කාන්ති දැරියට වඩා ගොළු අයියා වැඩිමල් වූයේ අවුරුදු දෙකකින් පමණය.  


දැරිය හෙළිකළ ඇගේ පෙරභව කරුණු ලිඛිතව පර්යේෂණ වාර්තාවල ඇති අන්දමට කරුණු පහළොවක් ඉතා නිවැරදිව සනාථ විය. ඒ අතර ඉතා වැදගත්ම සාක්කිය බවට පත්වූයේ ගොළු අයියා ගැන අනාවරණය කිරීමය.  


එම දැරිය හෙළි කළ ඇගේ පෙරභවය සොයා අප යනවිට ගොළු අයියා වයස අවුරුදු 16ක පමණ තරුණයෙක් විය. මියගිය නැගණිය පිළිබඳව ඔහුට ඒ වනවිට ඉතා හොඳ මතකයක් තිබිණි. පුනර්භවයේ පසු විපරම් පර්යේෂණ සඳහා යළිත් නිමල් කාන්තිගේ පෙරභව සොහොයුරා සහ සොහොයුරියක් හමුවීමට අපට පසුගියදා යළිත් අවස්ථාව ලැබිණි. නිමල් කාන්ති දැරිය පැවසූ ගොළු අයියා දැන් විවාහකයෙකි. ඇගේ සොහොයුරියක් ද පසුගිය දිනෙක හමුවීමට අපට අවස්ථාව ලැබිණි.  


 මියගිය නැගණිය එදා ගඟේ ගිලී ගිය අයුරු ගොළු අයියා ඔහුගේ සංඥා භාෂාවෙන් දැනුත් සිහිපත් කරයි. මෙම පුනර්භව සාධකය පිළිබඳ මහාචාර්ය ස්ටීවන්සන් විසින් ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තාව (Three New Cases of The Reincarnation type in Sri Lanka with written records made before verification) යනුවෙන් ඇතුළත් කර තිබේ. එහි තුසිතාගේ කතා පුවත සනාථ වූ අයුරු සඳහන් වී ඇත්තේ. 

 
We learned that the girl who had drowned who was called Nimal Kanthi had been not quite two years old when she died, in about June 1974 she had gone to the river with her mother who was washing clothes there she was playing near her mother with brother whom was the dumb. Her mother apparently became absorbed in her her washing and then suddenly noticed that Nimal Kanthi was missing Thusitha’s statement that the dumb brothe had pushed her into the river යනුවෙනි.   


මෙම දැරිය පැවසුවේ ඇය කතරගම සිට දැන් නිවස වෙත පැමිණියේ තම පියා සමඟ බවය. දැරිය ඉපදීමට පෙර ඇගේ පියා නිතර කතරගම යෑමට පුරුදුව සිටි බැව් ද මෙම පර්යේෂණයේ දී හෙළිවිය. 

 
තිස්ස ජයවර්ධන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩඩ්ලි සිරිමාවෝට සැරටම කිව්ව කතාව..වැරදිම තීරණය තමයි වතු ජනසතු කරලා විනාශ කිරීම
03:04
Video thumbnail
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා..
05:30
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03
Video thumbnail
අද මිනිස් ශිෂ්ටාචාරයට සුවිශේෂි දවසක්..අවු:53කට පස්සේ මිනිස්සු චන්ද්‍රයා කරා ගමන් කරනවා
06:46
Video thumbnail
මුහුදේ ඉදලා මේ යාත්‍රාව මාළුන්ට වඩා මත්ද්‍රව්‍ය රැස්කරලා..ධීවරයින්ට නාවික හමුදාපතිගෙන් සැර සත්තමක්..
03:32
Video thumbnail
ඇල්ලූ යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය ගැන නාවික හමුදාපති හෙළිකරයි..වටිනාකම කෝටි 620කට අධිකයි
03:48
Video thumbnail
නාවික හමුදාපති පැමිණ යාත්‍රාව අල්ලා ගැනීමට සහය වූ නිලධාරින්ට ආචාර කළ අයුරු
02:36
Video thumbnail
මත්ද්‍රව්‍ය බවට සැක කරන උර තොගයේ තිබූ දේ මෙන්න..දැක්කමත් පුදුමයිනේ ?
01:58
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න..ඔක්කොම ගිනිබත්වෙලා
01:13
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54