spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගොවීන්ට ලබා දෙන පොහොර මිටියකින් රුපියල් 4000ක් වංචා කරන රජයේ නිලධාරිණිය

ගලෙන්බිදුණුවැව අංක 171 තුලානේ අලුත් දිව්ල්වැව ප්‍රදේශයේ ගොවින් වී වගාව මෙන්ම ගොඩ බෝග වගා කිරිම සිදු කරන්නේ එය ඔව්න්ගේ ප්‍රධාන ආදයම් මාර්ගය නිසාවෙනි.

අලුත් දිව්ල්වැව හා හුරුලුවැව ජල මුලාශ්‍රය කර ගනීමින් මේ වන විට වී වගාව මෙන්ම උදු,සෝයා,බී ලූනු , බටු , මිරිස් ඇතුලු බෝග රැසක් වගා කොට ඇත්තේ රටේ පවතින ඉන්ධන මෙන්ම කෘෂිකර්ම කටයුතු සදහා යොදාගනු ලබන කෘෂි රසායනික නොමැති පසුබිමක් තුලයි.

මේ වන විටත් වී වගාව සදහා රජයෙන් ලබා දෙන යුරියා ලැබී තිබෙන්නේද අක්කරයක් සදහා කිලෝ 20 වැනි අඩු ප්‍රමානයක්.

මෙවැනි පසු බීමක් තුල අලුත් දිව්ල්වැව තුලානේ කෘෂිකර්ම පරේෂන නිළධාවරිය ගොඩ බෝග සදහා කවලම් පොහොර ලබා දීමට අවශ්‍ය නාමලේඛනය සකසා ඇත්තේ ගොවි සංවිධානයේ සහය ඇතිවයි.

ඒ අනුව ගොවින් විශාල ප්‍රමානයක් තම වගාවන්ට අවශය පොහොර ලබා ගෑනීම සදහා කෘෂිකර්මය පරේෂන නිළධාවරිය වෙත මුදල් මුදල් බැද ඇත්තේ කිලෝ 25 ක මිටියක් සදහා රැපියල් 13000/- බැගින් වන අතර මෙහිදි අදාල නිළධාවරිය ලබා ගත් මුදලට ගොවින් වෙත පොහොර ලබා දී ඇති අතර ගොවින් චෝදනා කරමින් කියා සිටින්නේ මෙලෙස ලබා දුන් පොහොර කිලෝ 25 ක මිටියක් සාමන්‍ය වෙළෙදපොල තුල රැපියල් 9000/- මුදලකට මිළදී ගැනීමට තිබෙන බවයි.

එලෙස රුපියල් 9000/- මුදලක පොහොර මිටිය 13000/- මුදලකට ලබා දී ඇත්තේ ඇයට හො ඇය සමග ඇති පිරිස ට රුපියල් 4000/- ලබා මුදක්ද තබා ගිනිමින් බවයි..

අප මේ සම්බන්ධව විමසීම සදහා අදලා අලුත් දිව්ල්වැව අංක 171 තුලානේ කෘෂිකර්ම පරේෂණ නිළධාරිණිගෙන් දුුරකතනයෙන් විමසීමක් කල අතර ඇය සදහන් කලේ මේ වන විට ලුණු වගාවට අවශ්‍ය අන්සුමාත්‍ර සහිත මිශ්‍ර පොහොර වෙළෙද පොලතුල 13000-15000-18000 යන මුදල් වලට විකිණිමට තිබෙන බවත් මෙය පුද්ගලික කොම්පැනියකින් ගෙනවිත් ගොවියන් වෙත ලබා දුන් බවයි.

මෙම ගොවින්ගෙන් එක් කිලෝ 25 පොහොර මිටි සදහා පැටවීම් හා ප්‍රවාහනය යන ගාස්තුව එකතු කර රුපියල් 13000 ක මුදලක් එකතු කර බවත් ගොවින් එය ප්‍රතික්ෂේප කරනවානම් නැවත බාර ගැණිම සදහා සුදනම් බව ඇය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?