ගොවියන්ට නොමිලේ ඉන්ධන

චීන ආධාර යටතේ ලබන දෙසැම්බර් මාසයේ මෙරටට ලැබෙන ඩීසල් තොගයෙන් ලීටර් මිලියන 7. 5ක් ගොවිතැන් කටයුතු සඳහා නොමිලේ ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙරට කෘෂිකාර්මික සහ ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6 ක් පරිත්‍යාගයක් ලෙස ලබාදීමටයි චීනය එකඟත්වය පළ කර ඇත්තේ.

මෙම ඉන්ධන තොගය මෙම වසරේ දෙසැම්බර් මස වනවිට මෙරටට ලැබීමට නියමිත අතර, අස්වනු නෙලන අවස්ථාවේ දී එම ඉන්ධන ගොවීන්ට ලබාදීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?