ගොඩහේවාගේ බස් එක් කතාව මෙන්න

පෑලියගොඩ ස්ථාපිත නව මැනිං වෙළඳපොළට පැමිණෙන ව්‍යාපාරික සහ පාරිභෝගික ජනතාවට මෙතෙක් පැවති පොදු ප‍්‍රවාහන මාධ්‍යයක අඩුව සම්පූර්ණ කරමින් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමාගේ ඉල්ලීමකට අනුව, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ මෙහෙයවීම මත මෙම ප‍්‍රවාහන සේවාව (01) ආරම්භ කරනු ලැබිණි.

පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොලට පැමිණීමට තිබූ බාධාවන් ඉවත් කරමින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය යටතේ ධාවනය වන අංක 228 වැලිවේරිය – පිටකොටුව, අංක 200 ගම්පහ – කොළඹ, අංක 138 කඩවත – පිටකොටුව, 180 නිට්ටඹුව කොළඹ, 260 හැඳල – කොළඹ, 240 මීගමුව – කොළඹ, 188 රත්දොළුගම – පිටකොටුව යන මාර්ගයන් හි ධාවනය බස්රථ මින් ඉදිරියට තොග වෙළෙඳ මධ්‍යස්ථානය හරහා ජනතා සේවය වෙනුවෙන් ක‍්‍රියාත්මක කෙරේ.

එහිදී අදහස් දැක්වූ මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති එච්.එම්. උපසේන මහතා,

‘පෑලියගොඩ මැනිං වෙළෙඳපොළට දිවයින පුරා එළවලූ හා පළතුරු එක පැය 24 ක් ඇතුළත වෙළෙඳපොලට ගෙනැවිත් දෙන්න පුළුවන් තැනක්. මේ ගැන කල්පනා කරලා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා හැටියට කටයුතු කරන කාලයේ එතුමාගේ සංකල්පයක් අනුව මෙම මැනිං වෙළෙඳපල නිර්මාණය වෙන්නේ. මේ නිර්මාණය වීම තුළ සමහර සමහර තැන් මතභේදාත්මක තැන් තිබුණත් ඒවා සියල්ල සමනය කරගෙන ඇවිල්ලා දැන් යම් තත්වයකට මෙය ගෙනල්ල තිබෙනවා. මේ අනුව අද ගරු ඇමතිතුමාගේ සහභාගීත්වය තුළ අද මෙතන තිබූ ලොකුම අවශ්‍යතාවයක් තමයි අද ඉෂ්ට කරගත්තේ. ඒ කියන්නේ ප‍්‍රවාහන පහසුකම ලබාදීම. ඒ නිසා අද මේ දකින දේ සෞභාග්‍යයේ දැක්මේ වූ වැදගත් වැඩපිළිවෙලක්. එම වැඩපිළිවෙලේ මිනිසුන්ව අතරමං වීම නැතිව මේ යන ගමන පහසු කර ගැනීමට කරන ලද සේවාවට මැනිං පොදු වෙළෙඳ ප‍්‍රජාව වෙනුවෙන් රජයට සහ අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමාට අපි ස්තූතිවන්ත වෙනවා’ යැයි පැවසීය.

එහිදී අදහස් දැක්වූ බස්නාහිර මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති ප‍්‍රසන්න සංජීව මහතා,

‘ගරු අමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි මැනිං වෙළෙඳ සංකීර්ණයට අවශ්‍යකරන ජනතාව පැමිණෙන විට එයට අවශ්‍ය කරන ප‍්‍රවාහන සේවාවක් පිළිබඳව අප ගරු අමාත්‍යතුමා සමග සාකච්ඡා කළා. ඒ අනුව එතුමාගේ සංකල්පයක් මත අද දින ආරම්භ කරලා ඉදිරියේදී මෙම ස්ථානයේ ඉඳලම බස් සේවාවක් ලබා දෙන්නටත්, තව දුරටත් දවස පුරාම ක‍්‍රියාත්මක බස්රථ සේවාවක් ලබාදෙන්නට බස්නාහිර මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ අපි සැලසුම් කරමින් ඉන්නවා’ යැයි පැවසීය.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා,

‘‘අපි අලූතින් සාදා තිබෙන මැනිං වෙළෙඳපොලේ එළවළු සහ පළතුරු වෙළෙඳපොළ සාදා නිම කළේ දැනට වසර දෙකකට පමණ පෙරාතුව. එහි තිබූ යම් යම් අඩු පාඩු වෙළෙඳුන් විසින් පෙන්වා දුන්නා. ඒ නිසා පහුගිය කාලේ ඒ අඩුපාඩු නිවැරදි කරමින් සිටියා. දැන් මේ වන විට අපිට අවශ්‍යයි මැනිං වෙළෙඳපොළ ඉතාමත්ම හොඳින් සාර්ථකව කි‍්‍රයාත්මක වෙමින් එහි ව්‍යාපාර කරන වෙළෙඳ ප‍්‍රජාවට හොඳට ව්‍යාපාර කර ගැනීමට අවස්ථාව ලබාදීමටත්, ඒ වගේම මහජනතාවට මෙතනට ඇවිල්ලා පහසුවෙන් තමුන්ට අවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගැනීමේ කටයුතු කරගෙන යාමටත්. පහුගිය කාලයේ අපට පෙනිච්ච ලොකු ගැටළුවක් තමයි අලූතින් හදලා තිබුණ මැනිං වෙළෙඳපලට කෙලින්ම ඒමට ප‍්‍රවාහන පහසුකමක් නොතිබීම. ටිකක් ඈතින් බැහැලා එන්නට අවශ්‍යතාවයක් තිබුණේ. තොග වෙළෙඳාම කරන අයට නම් ලොකු ගැටළුවක් නැහැ. මොකද ඒ අය වාහන අරගෙන එන නිසා. නමුත් සාමාන්‍ය ජනතාවට මෙම ස්ථානයට පැමිණීමට අපහසුතාවයක් තිබුණා. ඒ නිසා අපි බස්නාහිර පළාත් සභාවේ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියත් සමග සාකච්ඡා කරලා අද සිට ආරම්භ කරනවා මැනිං වෙළඳපොළ ලඟින්ම යන්නට බස්රථ සේවාවක්. මුලින්ම පටන් ගන්නේ උදේ වරුවට සහ හවස් වරුවට. අපි බලාපොරොත්තු වෙනවා තව සතියක් දෙකක් ඇතුළත මුළු දවස පුරාව කි‍්‍රයාත්මක ප‍්‍රවාහන සේවාවක් බවට මෙය පත් කිරීමට. ඊට අමතරව මැනිං වෙළෙඳපළේ ව්‍යාපාරික ප‍්‍රජාව අපෙන් ඉල්ලා තිබෙනවා උදෑසන 2 පමණ සිට බස්රථ සේවයක්. අපි එයත් ඉදිරි කාලයේදී කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අපට මූලික අවශ්‍යතාවය වෙලා තිබෙන්නේ පැහැදිලිව මේ මැනිං වෙළෙඳපලේ වෙළෙඳ ප‍්‍රජාවත් ඒ වගේම මෙයින් පහසුකම් ගන්න ජනතාවත් සියල්ලම අපේ ජනතාව, ඒ අයට අවශ්‍යකරන පහසුකම් ලබාදීම තමයි රජයේ වගකීම. ඒ සඳහා අපි සම්පූර්ණයෙන්ම කැපවී සිටිනවා. ඒ අයගේ අවශ්‍යතා ඉටු කරන්න අද මෙන්ම ඉදිරියේදීත් කටයුතු කරනවා” යැයි පැවසීය.

ඩබ්. ඒ. උදිත පුෂ්ප කුමාර
මාධ්‍ය ලේකම්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආපදාවට පත්වූවන් කබලෙන් ළිපට වැ#ලා..ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්ණවලට ඇහුම්කන් දෙන සජිත්
03:52
Video thumbnail
නෞකාවලට ග#නවා කියලා ඉන්දියාව දැනගෙන ඉදලා ? විමල් සියල්ල හෙළිකරයි..සත පහකට විශ්වාස කරන්න බෑ
04:18
Video thumbnail
අසේලගෙන් පාරිභෝගික අධිකාරියට සැර සත්තමක්..දැන් කෝමා වෙලාද?මොන මල කරදරයක්ද ?
04:20
Video thumbnail
පාලකයෝ ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ..හැමෝගෙම ඇස් උඩ යවපු අපේ ලංකන් කොල්ලා
05:19
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway ඒකේ පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33
Video thumbnail
"පිටි පස්සෙන් ඇවිත් නිවට ආකාරයෙන් නැව විනාශ කිරීම මහ දුර්ජන වැඩක්" වාසුදේවගෙන් අමෙරිකාවට චෝදනා
03:54
Video thumbnail
ශම්මි එලවන්න ආ සෙට් එකෙන් රාජාංගනයේ හාමුදුරුවන්ට සැර කින්ඩියක්..බුරියානි දීලා මිනිස්සු ගෙන්නන්නේ නෑ
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44